පාකිස්ථාන න්‍යෂ්ටික වැඩසටහනේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන න්‍යෂ්ටික විද්‍යාඥ අබ්දුල් කදීර් ඛාන් 'කොවිඩ් 19' ආසාදනය වී අසාධ්‍ය තත්ත්වයට පත්ව අභාවප්‍රාප්ත වූ බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 85 කි.
අබ්දුල් කදීර් ඛාන්ට 'කොවිඩ් 19' ආසාදනය වී ඇත්තේ අගෝස්තු මාසයේය. ඉන්පසු මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ ඔහු නිවසට පැමිණ ඇත. රෝගය උත්සන්න වී ඇත්තේ නිවසේ සිටිද්දීය.
පාකිස්තාන ජනාධිපති අරීෆ් අල්වී, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ පාකිස්ථානය න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ කිරීම සඳහා ආචාර්ය අබ්දුල් කදීර් ඛාන් ඉටු කළ මෙහෙවර කිසිදා අමතක නොවනු ඇති බවය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd