IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාකිස්තානයේ තෙල් මිල වැඩිවෙයි

පකිස්තාන රජය  පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 30 කින් ඉහල දැමීමට තීරණය කල බව ඊයේ (26) නිවේදනය කළේය.

2019 ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග අත්සන් කල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක මුල්‍ය සහාය ලබාගැනීම නැවත ආරම්භ කිරීම සඳහා මෙසේ ඉන්ධන මිල ඉහල දමන බව පකිස්තාන රජය ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් අගමැති ශෙබාස් ෂරීෆ් ප්‍රමුඛ පකිස්තාන රජයට දොස් පැවරුවේය.

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය රුසියාවෙන් සියයට 30 ක මිල අඩු කිරීමක් යටතේ බොරතෙල් මිලදී රුසියාව සමග ඇතිකරගත් එකඟතාව ඉදිරියට රැගෙන නොයාම සම්බන්ධව ඉම්රාන් ඛාන් පකිස්තාන රජයට දෝෂාරෝපණ එල්ල කළේය.

ඇමෙරිකාවේ මිතුරෙකු වන ඉන්දියාව රුසියාවෙන් විශේෂ  මිල අඩුකිරීම් යටතේ බොරතෙල් මිලදී ගනිමින්  ඉන්ධන ලීටරයක මිල පකිස්තාන රුපියල් 25 කින් අඩු කිරීමට  සමත් වීම පිළිබඳව ඉම්රාන් ඛාන් ඉන්දියාව වර්ණනා කළේය.

"මෙය පකිස්තාන ඉතිහාසයේ ලීටරයකට වැඩි වූ වැඩිම මිල බවත් අදක්ෂ පකිස්තාන රජය තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය රුසියාව සමග ඇති කරගත් එකඟතාව මත බොරතෙල් මිලදී ගැනීමට ක්‍රියා නොකිරීම අනුවණ කමක් බවත්" සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඉම්රාන් ඛාන් ප්‍රකාශ කළේය.

"මෙම වංචනිකයන් කණ්ඩායම නිසා දැන් අප රටේ උද්ධමන අනුපාතය විශාල ලෙස ඉහල යාවි" ඉම්රාන් ඛාන් පැවසුවේය.නව මිල ගණන් යටතේ පෙට්‍රල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 179.86 ක මිලකටත්, ඩීසල් ලීටරයක මිල පකිස්තාන රුපියල් 174.15 ක මිලකටත්,භූමි තෙල් ලීටරයක මිල 155.56 ක මිලකටත් අලෙවි වනු ඇතැයි පකිස්තානයේ ඩෝන් පුවත් පත වාර්තා කළේය.  

(රොයිටර්)



අදහස් (0)

පාකිස්තානයේ තෙල් මිල වැඩිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 533 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1688 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site