
පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙස් අමාත්‍ය බිලාවල් බූතෝ සර්දාරි පවසයි.
බිලාවල් බූතෝ යනු ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය වූ හිටපු පාකිස්තාන අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝගේ පුත්‍රයාය.
පාකිස්තානය සහ ඉස්ලාමීය ත්‍රස්තවාදීන් අතරේ සම්බන්ධකම් පැවැති අතීතයක් ඇති බව කිසිවකුටවත් අමතක කළ නොහැකි බවත්, එම සබඳකම් හේතුවෙන් අද පාකිස්තානයට ඵලවිපාකවලට මුහුණ දීමට සිදුවී ඇති බවත් හිටපු විදේශ අමාත්‍ය බිලාවල් බූතෝ වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd