
ගතවුණු පැය 24 ඇතුළත පාකිස්තානයෙන් වාර්තා වූ 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 7,000 සීමාව පසු කළ බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
'කොවිඩ් 19' වසංගතයට මුහුණ දෙන පාකිස්තානයෙන් වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් ගණන ලෙස මෙම අගය සැලකෙයි. එම ආසාදිතයන් ගණන 7,678 කි.
ගතවුණු පැය 24 ඇතුළත මරණ 23 ක් වාර්තා වූ බව ද පැවැසෙයි.
පාකිස්තානයේ වැඩිම 'කොවිඩ් 19' ව්‍යාප්තිය සිදුවන්නේ කරච්චි නගරය කේන්ද්‍රකොට ගනිමිනි.
මේ වනවිටත් පාකිස්තාන සෞඛ්‍ය අංශ නිර්දේශ මත එරට 30 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත් ලබා දීම පාකිස්තාන රජය විසින් ආරම්භ කරනු ලැබ ඇත.
පාකිස්තානයේ ජනගහනය මිලියන 70 ක් පමණි. එයින් පළමු සහ දෙවැනි එන්නත් ලබා ගත් පිරිස සියයට 32 ක් බව පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd