ජම්මු කාශ්මීරයේ පහලගම් පළාතේ දී ත්‍රස්තවාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඉන්දීය සංචාරකයන් ඇතුළු 26 දෙනකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන්, පාකිස්තාන රජය කනස්සල්ල පළ කර ඇත.
ප්‍රහාරය එල්ල කළේ ‘ලක්ෂාර් ඊ තයිබා’ නමැති ඉස්ලාමීය බෙදුම්වාදී ත්‍රස්ත සංවිධානයට සහාය දක්වන ‘ටී.ආර්.එෆ්.’ නමැති ත්‍රස්ත කල්ලිය බව පැවැසෙයි. ප්‍රහාරයේ වගකීම එම ත්‍රස්ත කල්ලිය විසින් බාර ගනු ලැබ ඇත.
‘ලෂ්කාර් ඊ තයිබා’ යනු පාකිස්තාන රජයේත්, එරට බුද්ධි අංශයේත් සහාය සහ අනුග්‍රහය ලබන ත්‍රස්ත සංවිධානයක් බව ඉන්දියාව පමණක් නොව ඇමෙරිකාව ද පවසා ඇත. පහලගම් පළාතේ ත්‍රස්ත ප්‍රහාරය, ඉන්දියාවට එරෙහිව කළ යුද ප්‍රකාශ කිරීමක් යැයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ඊට අමතරව, ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන්ට කිසිදු සමාවක් නොදෙන බවත්, ඔවුන් කවුරුන්දැයි මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(එන්.ඩී.ටීවී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පාකිස්තානය කනස්සල්ලෙන්