පකිස්තානයේ උතුරු ප්‍රදේශයේ මර්දාන් නගරයේ උසාවි ගොඩනැගිල්ලකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12දෙනක් මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව එරට ආරංචි කියයි.

බෝම්බකරු බෝම්බය පුපුරුවා ගැනීමට පෙර උසාවි භූමියට ප්‍රහාරයක් එල්ල කර ඇත. ආරක්ෂක අංශ පවසන්නේ මියගිය අය අතර නීතීඥයන් තිදෙනක් හා පොලිස් නිලධාරීන් දෙදෙනක් සිටින බවයි.

තලේබාන් සංවිධානයට සහාය දක්වන කණ්ඩායමක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි  පකිස්තාන පොලීසිය පවසයි.