කොරෝනා වයිරසයේ හදිසි ව්‍යාප්තියත් සමඟ ඉරානය සමඟ තිබෙන දේශසීමාව වසාදැමීමට පාකිස්තානය පියවර ගත් අතර ඉරානයට ගමන් කිරීමට තාවකාලිකව අත්හිටුවීමට අසල්වැසි ඇෆ්ගනිස්තානය පියවර ගත්තේය.
ඉරානයෙන් කොරෝනා ආසාදිතයන් හමුවීමත් කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ වේගය වැඩිවීමත් යන කරුණු මුල් කරගනිමින් පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය යන රටවල් එම පියවර ගත්හ.
පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය, ඉරානය සමඟ දීර්ඝ දේශසීමාවකට හිමිකම් කියයි. මේ දේශසීමා වැඩියෙන්ම භාවිත කරන්නේ මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්කරුවන්ය. ඇෆ්ගනිස්තාන සරණාගතයන් මිලියන ගණනක් ද ඉරානයේ ජීවත්වන අතර දේශසීමාව හරහා ඇෆ්ගනිස්තානයට ද කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් හටගෙන තිබේ.
‘‘කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම වැළැක්වීමටත් මහජනතාව ආරක්ෂා කරගැනීමටත් ඉරානය සමඟ සියලු මඟී හුවමාරු තාවකාලිකව අත්හිටුවනවා. ඒ අනුව ඉරානය සමඟ ගොඩබිම් සහ ගුවන් සියල්ල අත්හිටුවනවා’’ යැයි ඇෆ්ගනිස්තානයේ ජාතික ආරක්ෂක කවුන්සිලය සඳහන් කළේය.
කොරෝනා වයිරසය හේතුවෙන් අට දෙනකු මියගොස් ඇතැයි ඉරානය අද (23) වාර්තා කළේය. එය චීනයෙන් පිටත තැනකින් වැඩිම කොරෝනා මරණ ගණන වේ.
විදෙස් මාධ්‍ය කොරෝනා වයිරසය මුල් කරගනිමින් ඉරානයේ මහ මැතිවරණය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවට ද ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී චෝදනා කළේය.
ඒ.එෆ්.පී.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි නම් කොරෝනා තෝතැන්නක් වන චීනේටත් පාඩු ලබමින් හරි ශ්‍රී ලන්කන් යානා යවමින් ගුවන් සම්බන්ධතා දිගටම පවත්වාගෙන යනවා. චීනේ ඉඳලා එන ඕනෙම චීනෙකුට නිරෝධනය නොකර කෙලින්ම රටට ඇතුල් වෙන්න පුළුවන්.., අලුත් ක්‍රමයට ඕනෙම චීනෙකුට තානාපති කාර්යාලයට නොගිහින්ම සංචාරක වීසා ගන්න පුළුවන්... මොකද අපේ දේශපාලුවන් කැමති නැහැ චීනේ තරහ කරගන්න... චීනෙත් එක්ක කරන කොන්ත්‍රාත් සහ ගණුදෙනු වලින් දේශපාලුවන්ට හොඳට කිසිම කරදරයක් නොමැතිව කොමිස් කුට්ටිය ලැබෙනවනේ... ඔවුන්ට කමක් නැහැ රටට හෙන ගැහුවත් ඔවුන්ගේ මල්ල පිරෙනවනේ...