විදේශිකයන් 11 දෙනකු ඇතුළු 17 දෙනකු රැගත් පාකිස්තාන යුද හමුදා එම් අයි 17 හෙලිකොප්ටරයක් උතුරු පකිස්තානයේ නල්ටාර් නිම්නයේ ගිල්ජිට් බැල්ටිස්ටාන් කඳුකරයේ දී කඩා වැටී තානාපතිවරුන් දෙදෙනකු ඇතුළු හය දෙනකු මිය ගොස් ඇතැයි හමුදාව කියයි.

දිවි බේරා ගත් 13 දෙනා බලපතල තුවාල ලබා සිටිති.

හිමාල කඳුවැටිය, කරාකෝරම් හා හින්දු කුෂ් කඳු අතර පෙදෙසක දී මේ අනතුර සිදු විය.