
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට මූල්‍ය සහාය ලබා දෙන්නැයි පාකිස්තාන හමුදාපති ජනරාල් කමර් බජ්වා, සෞදියෙන් සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයෙන් ආයාචනා කර තිබේ.
මේ වනවිට පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් පාකිස්තානයට ලැබීමට නියමිත මුදල් ආධාර ප්‍රමාද වී තිබේ.
පසුගිය දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය කඩිනමින් ලබා ගැනීම සදහා හමුදාපති කමර් බජ්වා ඇමෙරිකා රජයෙන් ද ආයාචනා කළේය.
හමුදාපතිවරයාගේ මෙම ක්‍රියා කලාපය ධුරයෙන් නෙරපා දැමුණු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ විවේචනයට හේතුවක් ද විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd