IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


පකිස්තාන හිටපු අගමැතිගෙන් පෙත්සමක්

රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගය නැවත විමසා බලන්නැයි ඉල්ලමින් එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්  මහතා පෙත්සමක් ඉදිරිපත් කළේය.

පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් පසුගිය 28 වැනිදා නවාස් ෂරීෆ් මහතා රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති  බව සඳහන් කරමින් නියෝගයක් දෙන ලදි. එම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් පාකිස්තානයේ හිටපු අගමැතිවරයා මෙම පෙත්සම ඉදිරිපත් කළ බව ඔහුගේ නීතිඥ කවජා හරීස් මහතා පැවැසීය.

බදු අධිකාරීන් ඉදිරියේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අවංකබව සහ සත්‍ය බව සනාථ කිරීමට අසමත් වූ බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නවාස් ෂරීෆ් මහතාට රාජ්‍ය තනතුරක් දැරීමට සුදුසු නැති බවට තීන්දු කළේය.

අදාළ තීන්දුව පිළිගනිමින් නවාස් ෂරීෆ් මහතා පාකිස්තාන අගමැතිධුරයෙන් ඉල්ලා අස් වූ නමුත් ඔහුගේ පක්ෂය අදාළ තීන්දුව ප්‍රතික්ෂේප කළේය.

නවාස් ෂරීෆ් මහතාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව නවාස් ෂරීෆ් මහතාගේ සමීපතමයකු වූ ෂහීද් කඛාන් අබ්බාසි මහතා 2018 මහ මැතිවරණය තෙක් පාකිස්තානයේ අගමැතිධුරයට පත් කෙරිණ.

ඒ.එෆ්.පී/රොයිටර් 055



අදහස් (0)

පකිස්තාන හිටපු අගමැතිගෙන් පෙත්සමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site