පකිස්ථානයේ හිටපු අගමැති යුසුෆ් රාසා ගිලානිගේ පුත් අලි හෙයිදර් ගිලානි ඇෆ්ගනිස්ථාන සහ ඇමෙරිකා හමුදා මෙහෙයුමකින් පසු ඔහු බේරාගෙන ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අලි හෙයිදර් වසර තුනක් තිස්සේ අතුරුදන්ව සිටියේය.
ඔහු හමුවී තිබෙන්නේ ඇෆ්ගනිස්ථානයේ පර්ක්ටිකා පළාතේදී ය. වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු පකිස්තානයට යැවිණි.
2013 දී පකිස්ථාන මහජන පක්ෂයෙන් පන්ජාබ් ප්‍රාදේශීය සභාවට තරග කළ අලි හෙයිදර් ගිලානි පැහැරගැනීමකට ලක් වුයේ එම මැතිවරණයට අදාල ප්‍රචාරණ රැලියකදී බව සදහන්වේ.
මෙහෙයුමෙන් ත්‍රස්තවාදීන් පස් දෙනෙකු මිය ගිය බව සදහන් වේ.
එම පැහැරගැනීම තලේබාන් සටන්කාමින් විසින් සිදු කරන්නට ඇතැයි සැක කරයි.
තලේබාන් සටන්කාමීන් ඇතුළු ත්‍රස්තවාදී කණ්ඩායම් මෙවන් ප්‍රසිද්ධ චරිත පැහැරගැනීම් සුලබව සිදු කරන බවත්, ඇතැම් අවස්ථාවල කප්පම් ලබා ගැනීම් ද වාර්තා වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd