IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාකිස්තාන විපක්ෂ නායකට රටින් පිටවීම තහනම්

පාකිස්තානයේ විපක්ෂ නායක ෂබාස් ෂරීෆ්ගේ නම එරට පිටවීමේ පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට රජය පියවර ගෙන ඇත.

විපක්ෂ නායකවරයාගේ නම රටින් පිටවීම පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීමට පාකිස්තාන ෆෙඩරල් කැබිනට් මණ්ඩලය ඉකුත් දිනෙක අවසරය ලබාදුන්නේ ය. එලෙස අවසර දීමෙන් පසු පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විපක්ෂ නායකවරයාගේ නම ලැයිස්තුවට ඇතුළත් කරන්නැයි එරට බලධාරීන්ට උපදෙස් දුන්නේ ය.

මේ අනුව පාකිස්තාන විපක්ෂ නායකවරයාට රටින් පිටවීම තහනම් යැයි වාර්තා වේ.

ෂබාස් ෂරීෆ් පාකිස්තානයේ, පාකිස්තාන් මුස්ලිම් ලීග්-නවාස් (පී.එම්.එල්.-එන්) වත්මන් සභාපතිවරයා ය. එම පක්ෂය පාකිස්තානයේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුනෙන් එකක් වන අතර පාකිස්තාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂය ආරම්භ කරන ලද එරට හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් ය.

පාකිස්තානයේ ජාතික දූෂණ විරෝධී කාර්යාංශයේ නිල ඉල්ලීමකට අනුව අමාත්‍ය මණ්ඩලය මෙලෙස විපක්ෂ නායකවරයාට රටින් පිටවීම තහනම් කර ඇතැයි ජියෝ පුවත් මූලාශ්‍ර සඳහන් කරයි. ඒ අනුව පාකිස්තාන ෆෙඩරල් කැබිනට් මණ්ඩලයේ උප කමිටුවක් විපක්ෂ නායකවරයාට රටින් පිටවීම තහනම් කරන්නැයි නිර්දේශ කර තිබේ.

මේ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට පාකිස්තාන මුස්ලිම් ලීගයේ - නවාස් සභාපතිවරයාට දින 15ක කාලයක් තිබෙන බව ද ඉකුත් දිනෙක මාධ්‍ය හමුවක් පවත්වමින් පාකිස්තානයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ශෙයික් රෂීඩ් සඳහන් කළේය.

ඒ.එන්.අයි.



අදහස් (0)

පාකිස්තාන විපක්ෂ නායකට රටින් පිටවීම තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site