IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


පකිස්තාන මානව හිතවාදියෙක් අවසන් ගමන් යයි

පකිස්තානයේ ශ්‍රේෂ්ඨ මානවවාදී ජන හිතකාමියෙකු වූ අබ්දුල් සත්තාර් එධි ජිවිතක්ෂයට පත් වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය. මිය යන විට 88 වියේ පසු වූ ඔහු එරට සමාජ, වාර්ගික සහ ආගම් බෙදීම් ඉක්මවා යමින් මානවවාදය පැතිරවූ අයෙක් ලෙස ප්‍රසිද්ධය.

වකුගඩු රෝගයකින් බොහෝ කාලයක් වේදනා විදි ඔහු එම රෝගයෙන්ම මිය ගොස් ඇති බව එරට මාධ්‍ය සදහන් කළේය.

  ඔහුගේ අවමංගල්‍ය කටයුතු සදහා දහස් ගණනක ජනයා පැමිණි බව වාර්තා වෙයි. අවසන් කටයුතු සදහා දේහය එරට ජාතික කෞතුකාගාර පරිශ්‍රයේ තැන්පත් කර තිබිණි.  රාජ්‍ය ගෞරව සහිතව අවසන් කටයුතු සිදුකෙරිණි.

1980 පසු පැවැත්වුණු පළමු රාජ්‍ය අවමගුල් උත්සවය මෙය බව එරට මාධ්‍ය වාර්තා කළේය. අවසන් කටයුතු සදහා පැමිණි ජනතාව ආරක්ෂක වළලු පසෙකලා ඔහුගේ දේහය සහිත මිනි පෙට්ටිය ස්පර්ශ කිරීමට උත්සහ ගෙන තිබේ. දේහයට අවසන් ගෞරව දැක්වීම සදහා එරට ප්‍රබල දේශපාලකයෝ සහ හමුදා නිලධාරීහු ද සහභාගී වූහ.

ජාත්‍යන්තර ගෞරවයට පාත්‍ර වූ සමාජ මෙහවරක් ඔහු අතින් සිදු විය. එධි පදනම මගින් පකිස්ථාතානය පුරා ළමා නිවාස පවත්වාගෙන යෑම, වෛද්‍ය සායන පැවැත්වීම, සෞඛ්‍ය සේවාවන් පැවැත්වීම වැනි විශාල සමාජ සේවයක්   සිදුවිය.

 රාජ්‍ය සෞඛ්‍ය සුබසාධනයට නොපෙනන අහිංසක දුගී ජනතාව වෙනුවෙන් ගිලන් රථ සේවයක් සහ වෛද්‍ය ප්‍රතිකාර සේවයක් ඔහු සහ ඔහුගේ බිරිදගේ මුලිකත්වයෙන් සිදු විය. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨ සේවකයා රටට අහිමි වූ බව පකිස්තාන අගමැති වරයා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.



අදහස් (0)

පකිස්තාන මානව හිතවාදියෙක් අවසන් ගමන් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 587 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2280 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1707 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site