විදුලි ගාස්තු නොගෙවීම නිසා පාර්ලිමෙන්තුව,ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය,පොලිස් රථ වාහන මූලස්ථානය ඇතුළු තවත් රාජ්‍ය ආයතන 18 කට විදුලි බලය සැපයීම අත්හිටුවීමට පකිස්තාන රජය තීරණය කර ඇත.

එරට ජල හා විදුලි බල අමාත්‍ය අබිඩ් ෂර් අලි මහතා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ මෙම ආයතනයන් නියමිත පරදි විදුලි ගාස්තු ගෙවීම පැහැර හැර තිබීම නිසා මෙසේ ඒවාට විදුලිය සැපයීම අත්හිටුවීමට තීරණය කළ බවයි.

පකිස්තානයේ මේ දිනවල පවතින උෂ්ණාධික කාලගුණය නිසා බොහෝ දෙනා වායුසමිීකරණ යන්ත්‍ර භාවිතා කරන බවත් මෙය ජාතික විදුලි බල පද්දතියට දැරිය නොහැකි තරමේ බරක් වන බවත් සදහන්ය.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නියමිත පරිදි ගාස්තු නොගෙවීම් හා විශාල ප්‍රමාණයෙන් සිදුවන විදුලිය අයථා ලෙස ලබාගැනීම් නිසා විදුලි බලය සැපයීම අපහසුවී ඇති බවයි.

පාර්ලිමෙන්තුවට ඩොලර් ලක්ෂ 12 ක (රුපියල් ලක්ෂ 1584) විදුලි ගාස්තුවක්ද, ඉස්ලාමාබාද්හි පිහිටි නගර ශාලාවට ඩොලර් ලක්ෂ 36 ක (රුපියල් ලක්ෂ 4752) විදුලි ගාස්තුවක්ද ගෙවීමට  ඇතැයි ඉදිරිපත්කෙරුණු වාර්තාවක දැක්වින.

සියලූ හිග ගාස්තු එකතු කළ විට පකිස්තානයේ විදුලි සමාගම් වලට ඒවායේ පාරිභොගිකයින්ගෙන් ඩොලර් කෝටි 50 කට ආසන්න මුදලක් අයවිය යුතුව තිඛෙන්නේයැයි සදහන් වේ.

පසුගිය වසර කිහිපයේදී පකිස්තානයේ විදුලි ඉල්ලූම සීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිඛෙන අතර ඊට ගැලපෙන ලෙස රටේ විදුලි බල පද්දතිය වැඩිදියුණු කිරීමට බළධාරීන් තවමත් පියවර ගෙන නොමැත.