
පාකිස්තානයේ මගී බස් රියක් ඉන්ධන බවුසරයක ගැටීමෙන් මාරක අනතුරක් සිදුවිය.
බස් රිය ඉන්ධන බවුසරයේ ගැටී පිපිරී ගිනිගත් අතර බස්රියේ සිටි 20 දෙනකු ගින්නට හසුවී පණ පිටින් පිළිස්සුණු බව සිද්ධිය දුටුවෝ පවසති.
අනතුර සිදුවූයේ පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේය. පන්ජාබ් ප්‍රාන්තයේ දින තුනක් ඇතුළත සිදුවුණු මාරක රිය අනතුර මෙය යැයි පැවැසෙයි.
අනතුර සිදුවූයේ ලාහෝර් නුවර සිට කිලෝ මීටර් 350 ක් දුරින් මුල්තාන් අධිවේගී වාර්ගයේය. බස්රිය ඉන්ධන බවුසරයේ ගැටී ඇත්තේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වුණු බැවින් යැයි පොලිසිය පවසයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd