IMG-LOGO

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

මහ මැතිවරණයකට මඟ පාදමින්, පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරුණි.

අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපදෙස් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි.

මහ මැතිවරණය ලබන නොවැම්බරයේ පැවැත්වීමට සූදානමක් පවතී. කෙසේ නමුත් පාකිස්තාන මැතිවරණ කොමිසම පවසා ඇත්තේ මැතිවරණය තවත් කල් යෑමට ඉඩ ඇති බවය.

පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයකට පමණක් නොව, දේශපාලන අර්බුදයකට ද මුහුණ පා සිටී.

දූෂණ චෝදනාවලට වරදකරු වී බන්ධනාගාරගත කළ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 5 ක් දේශපාලනය තහනම් බැවින්, ඉදිරියේ දී පැවැත්වෙන මහ මැතිවරණ ඉම්රාන්ට අහිමි වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඉම්රාන් ඛාන්ට ධුරය අහිමි වූයේ පසුගිය 2022 අප්‍රේල් මාසයේය. ඒ, විපක්ෂ සන්ධානය, ඉම්රාන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනා විශ්වාසභංගයෙන් පරාජය වීමෙනි.

විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගෙනා විපක්ෂ සන්ධානයට නායකත්වය දුන්නේ එවකට විපක්ෂ නායක ලෙස කටයුතු කළ ෂෙහ්බාස් ෂරීෆ්ය.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය බලයට පැමිණියේ 2018 මහ මැතිවරණයෙනි. අදටත් පාකිස්තානයේ ජනප්‍රියතම දේශපාලන තරුව ලෙස සැලකෙන්නේ ද ඉම්රාන් ඛාන්ය.



අදහස් (1)

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි

wedage Thursday, 10 August 2023 12:53 PM

පකිස්තානය ශ්‍රීලංකාවට වඩා හොඳා වගේ

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 316 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 492 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 197 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site