IMG-LOGO

2025 අගෝස්තු මස 05 වන අඟහරුවාදා


පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක්

පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුව, මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු, භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් ධුරයේ රැඳී සිටිනු ඇතැයි පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් පවසයි.

පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීව් මේ බව නිවේදනය කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි. ‘ඉම්රාන් ඛාන් මහතා තව දුරටත් පාකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇත. ඒ, පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ව්‍යවස්ථාවේ 224 ඒ (4) වගන්තියට අනුවයි’ යැයි එම ට්විටර් පණිවුඩයේ සඳහන් වී ඇත.
පාකිස්තාන දේශපාලන විශ්ලේෂකයන් බිය පළ කර ඇත්තේ මෙය එරට දේශපාලන අර්බුදය තවත් උග්‍ර කිරීමට හේතුවක් වනු ඇති බවය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට විරෝධයක් එල්ල වූයේ පාකිස්තාන විපක්ෂ සන්ධානයෙනි. ඒ, වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට අග්‍රාමාත්‍යවරයා වගකිවයුතු බය විපක්ෂය චෝදනා නගමිනි. පාකිස්තාන විපක්ෂ සන්ධානයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් දෙක වන්නේ ‘පාකිස්තාන ජනතා පක්ෂය’ සහ ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයයි.

විපක්ෂ සන්ධානය ඉම්රාන්ට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යවරයාගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පාලක පක්ෂයේ ඇතුම් මන්ත්‍රීවරුන්ගේ සහාය පවා ඊට හිමිවිය. විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වීමට සූදානම් වෙද්දී, නියෝජ්‍ය කථානායක විශ්වාසභංගය අවලංගු කළේය. ඒ, එම විශ්වාසභංගය, ව්‍යවස්ථාවට පටහැනි බවත්, පාකිස්තානයේ ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් බවත් පෙන්වා දෙමිනි.

එම අවස්ථාවේදී, පාර්ලිමේන්තුව විසුරුවා කඩිනමින් මැතිවරණයක් පවත්වන්නැයි අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, පාකිස්තාන ජනාධිපති අරීෆ් අලීගෙන් ඉල්ලා සිටියේය. ඒ අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවිය. දින 90 ක් ඇතුළත මහ මැතිවරණයක් පැවැත්විය යුතු යැයි ද පාකිස්තාන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් විශ්වාසභංග ඡන්ද විමසුමට මුහුණ දීමට සූදානමින් සිටියේ පාර්ලිමේන්තුවේ බහුතරය ද නොමැතිවය. ඡන්ද විමසුම පැවැත්වූයේ නම්, ඔහු එයින් පරාජය වීමට ද ඉඩ තිබුණු බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)



අදහස් (0)

පාකිස්තාන දේශපාලනය අවුල් ජාලයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 250 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 748 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site