පැබ්ලෝ පිකාසෝගේ වටිනා සිතුවම් 271ක් සොරා ගත්තැයි චෝදනා ලබා සිටි විදුලි කාර්මිකයකු ඒවා තමාට ලැබුණු ආකාරය ගැන  වසර 43කට පසු  ප්‍රංශ අධිකරණයක දී පාපොච්ඡාරණය කර තිබේ. ඒ පුරාවසත්තු ළඟ තබා ගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව පැවැති නඩු විභාගයක දී ය.

ඔහුට මෙන්ම ඔහුගේ බිරියට ද මේ චෝදනාවට 2015 දී අත්හිටැවූ සිර දඬුවම් නියම විය.

පිකාසෝගේ ප්‍රථම බිරිඳ ප්‍රැනසොයිස් බිලට් ගේ දරුවා වන ක්ලවුඩ් පිකාසො හා පිකාසොගේ දෙවන බිරිඳ ජැක්ලින් පිකාසෝ  අතර ගැටුම්කාරී තත්ත්වයක් පැවති බවත් ඔහු අධිකරණයට පවසා තිබේ.

1973 දී පිකාසෝ මිය ගිය පසු  ජැක්ලින්ට එම සිතුවම් පිකාසෝගේ පුතාගෙන් සඟවා තැබීමට අවශ්‍ය වූ බවත් ඇය තමාට සිතුවම් සහිත මලු 17ක් පමණ ගෙනත් දුන් බවත් ඔහු පැවසීය.මාස කිහිපයකට පසු එම සිතුවම් නැවත රැගෙන යන විටදී තිළිණයක් වශයෙන් එක් බෑගයක් තමන්ට ලබා දුන් බව  ඔහු කීය.

තමන් සිතුවම් ගැන වැඩි කැමැත්තක් නැති හෙයින් ඒවා තම ගරාජයේ තැබු බවද ඔහුගේ ප්‍රකාශයේ සඳහන් වෙයි. ජැක්ලින් 1986 දී මිය ගියාය.

නැවත එම බෑගය 2010 දී ඔහුට හමුවී ඇති අතර එම සිතුවම් පිකාසෝගේ දැයි සැකහැර දැනගැනීමට පිකාසොගේ පුත් ක්ලවුඩ් වෙත ගොස් තිබේ.ඉන්පසු ක්ලවුඩ් විසින් ඔහුට විරුද්ධව නඩු පවරා තිබේ.

මෙම චෝදනා සියල්ල තමන් ප්‍රතික්ෂේප කරන බවද අධිකරණයට කියා ඇත.

එම බෑගයේ සිතුවම් 180ක් හා සිතුවම් 91ක සහිත චිත්‍ර පොතක් තීබිණි.ඒ අතර පිකාසෝගේ දුර්ලබ සිතුවම් කිහිපයක්ද තිබිණි.