තායිලන්තයේ පා ගමනක නියැලෙමින් සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් මැදට ‘පික් අප්’ වර්ගයේ ට්රදක් රියක් කඩා වැදීමෙන් භික්ෂූන් වහන්සේලා අට නමක් අපවත් වූ බව විදෙස් මාධ්ය් වාර්තා කළේය.

ට්ර්ක් රිය පදවමින් සිට ඇත්තේ එකොලොස් හැවිරිදි දරුවකු යැයි පොලිසිය පවසයි. ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ ද මැදිහත් වීමෙන් එම දරුවා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය වැඩි දුරටත් පවසා ඇත.

මෙම අනතුර වාර්තා වන්නේ ඊසානදිග තායිලන්තයේ මුක්දහන් ප්ර දේශයෙනි. මුක්දහන් පළාතේ සිට කිලෝමීටර් 260 ක දුරක් පා ගමන සංවිධානය කර තිබුණු අතර භික්ෂූන් වහන්සේලා 35 නමක් ඊට සම්බන්ධ වී සිටි බව පැවැසෙයි. 

තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේලා 14 දෙනකු කඩිනමින් රෝහල්ගත කළ බවත් උන්වහන්සේලාගෙන් කීප දෙනකුගේ තත්ත්වය ද බරපතල බවත් පැවැසෙයි.