පී.සී.ආර්. පරීක්ෂණවලට හසුනොවන, බිහිසුණු කොරෝනා වයිරස ප්‍රභේදයක් ප්‍රංශයෙන් හමුවී ඇති බවත්, එ ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් අට දෙනාම මියගොස් ඇති බවත් ප්‍රංශ සෞඛ්‍ය අංශ බිය පළ කරයි.
ප්‍රංශ සෞඛ්‍ය අංශ මෙම නව විකෘති වයිරස ප්‍රභේදය නම් කර ඇත්තේ, ‘ල වෙරියොන් බ්‍රෙටොන්’ යනුවෙනි. ඒ, විකෘති වයිරස ප්‍රභේදය පළමුවෙන් හමුවී ඇත්තේ ප්‍රංශයේ බ්‍රිටැනි පළාතෙන් වීමය.
මෙම විකෘතිය ආසාදනය වූ ආසාදිතයන් 8 දෙනා ලැනියොන් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිද්දී, මියගිය බව ප්‍රංශ සෞඛ්‍ය අංශ පවසයි.
පීසීආර් පරීක්ෂණවලට හසු නොවන මෙම වයිරස විකෘතිය හඳුනා ගැනීම කළ හැක්කේ රුධිර පරීක්ෂණවලින් යැයි වෛද්‍යවරු පැහැදිලි කරති.
වයිරස විකෘතිය සම්බන්ධයෙන් දිගටම පර්යේෂණ සිදු කරන බවත්, මෙතෙක් ලැබී ඇති දත්ත සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කළ බවත් ප්‍රංශ සෞඛ්‍ය අමත්‍යාංශය වැඩි දුරටත් පවසා තිබේ.
ප්‍රංශයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ නව ආසාදිතයන් ගණන 4,181,607 කි. මරණ වාර්තා වන්නේ 91,679 කි.
දෛනික ආසාදිතයන් ගණන වැඩිවීම සැලකිල්ලට ගනිමින්, ප්‍රංශ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් අනුව, සංචරණ තහංචි පැනැවීමටත්, ප්‍රංශය ලොක්ඩවුන් කිරීමටත් ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් කටයුතු කර ඇත.
(රොයිටර්)
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
පී.සී.ආර්.වලට හසුනොවන කොරෝනා විකෘතියක්