හිම කුණාටුවක් හමා යමින් තිබුණු අවස්ථාවක ජල සැපයුම් පද්ධතියේ ප‍්‍රධාන නළය පුපුරා ජලය ගලා යෑම නිසාවෙන් සයිබීරියාවේ පුංචි නගරයක් වන ඩුඩින්කාහි වීදි උදයේ තිබුණේ ඉණවටක් තරමට අයිස් වලින් වැසී ගල්වීය.
මාර්ගයන්හි නවතා තිබූ වාහන පවා අයිස් වලින් වැසී ගල් ගැසී තිබුණි.
හිම කුණාටුව අවස්ථාවේ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40 ක් පමණ වූ බව නගර වැසියෝ කියති.
සයිබීරියාවේ බොහෝ ප‍්‍රදේශවලට මෙන් ඩුඩින්කා නගරයටද වෙනම නළ මාර්ගයක් ඔස්සේ උණු ජලයද සැපයෙන අතර එම නළ මාර්ගයද මේ වන විට තිබෙන්නේ අධික ශීතල නිසා අයිස් මිදී බව සදහන්ය.
ගෙවුණු දවස පුරාම ඩුඩින්කාහි වැසියෝ අයිස් කඩා දමමින් නගරයේ වීදි නැවත මතුකරගැනීමට උත්සාහ කරමින් සිටිනු දැකගත හැකිවුනි.
ඩුඩින්කා නගරාධිපති හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර අයිස් ඉවත් කෙරෙන තෙක් නගර වැසියන්ට අවශ්‍ය ආහාර හා ජලය වෙනත් ප‍්‍රදේ්ශ වල සිට ගෙන එන්නට සැළසුම් කර තිබෙන බවද පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd