IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


නළයක් පුපුරා නගරයක් යටවේ

හිම කුණාටුවක් හමා යමින් තිබුණු අවස්ථාවක ජල සැපයුම් පද්ධතියේ ප‍්‍රධාන නළය පුපුරා ජලය ගලා යෑම නිසාවෙන් සයිබීරියාවේ පුංචි නගරයක් වන ඩුඩින්කාහි වීදි උදයේ තිබුණේ ඉණවටක් තරමට අයිස් වලින් වැසී ගල්වීය.

මාර්ගයන්හි නවතා තිබූ වාහන පවා අයිස් වලින් වැසී ගල් ගැසී තිබුණි.

හිම කුණාටුව අවස්ථාවේ පිටත උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 40 ක් පමණ වූ බව නගර වැසියෝ කියති.

සයිබීරියාවේ බොහෝ ප‍්‍රදේශවලට මෙන් ඩුඩින්කා නගරයටද වෙනම නළ මාර්ගයක් ඔස්සේ උණු ජලයද සැපයෙන අතර එම නළ මාර්ගයද මේ වන විට තිබෙන්නේ අධික ශීතල නිසා අයිස් මිදී බව සදහන්ය.   

ගෙවුණු දවස පුරාම ඩුඩින්කාහි වැසියෝ අයිස් කඩා දමමින් නගරයේ වීදි නැවත මතුකරගැනීමට උත්සාහ කරමින් සිටිනු දැකගත හැකිවුනි.

ඩුඩින්කා නගරාධිපති හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබෙන අතර අයිස් ඉවත් කෙරෙන තෙක් නගර වැසියන්ට අවශ්‍ය ආහාර හා ජලය වෙනත් ප‍්‍රදේ්ශ වල සිට ගෙන එන්නට සැළසුම් කර තිබෙන බවද පවසයි.



අදහස් (0)

නළයක් පුපුරා නගරයක් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 443 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2203 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site