සංක‍්‍රමණිකයින් වෙනුවෙන් එරට දොර විවර කර තැබීමේ ජර්මන් ප‍්‍රතිපත්තිය හමුවේ මේ දක්වා අත්පති‍්‍රකා හා පෝස්ටර වලට සීමාවී සිටි නාසිවාදී කි‍්‍රයාකාරීන් හා දේශපාලඥයින් ප‍්‍රසිද්ධියේම තම කටයුතු වල නියැලෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.

පිරිසිදු තනි ජාතියකට ජර්මනිය උරුම බව විශ්වාස කරනා මොවුන් පිළිපදින්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ දේශපාලන දර්ශනයයි.

නාසිවාදී කි‍්‍රයාකාරීන් ජර්මනියේ සිටින සංක‍්‍රමණිකයින්ට එරෙහිව සිදුකළ ප‍්‍රහාර රැුසක් පසුගිය සමයේ වාර්තා විය. බරපතලම සිදුවීම වූයේ සංක‍්‍රමණියකින් වෙනුවෙන් පෙනී සිටි ප‍්‍රාදේශීය දේශපාලඥයකු නාසි කි‍්‍රයාකාරියෙකුගේ පිහි පහරට හසුව මරණීය තුවාළ ලැබීමයි.

සංක‍්‍රමණියකු දුටු විට යන ගමනද නවතා ඔවුන්ට හිරිහැර කිරීමටත්,ඔවුන් ජීවත්වන නිවාස වලට පුපුරණ ද්‍රව්‍ය විසිකිරීමටත්, අවස්ථාවක් ලද තැන ඔවුන්ට දරුණු ලෙස පහර එල්ල කිරීමටත් මෙම නාසිවාදීන් කටයුතු කරන බව ජර්මන් මාධ්‍ය වාර්තා වල දැක්වේ.

නාසිවාදී දේශපාලඥයින්ද ඔවුන්ගේ දේශපාලන මතය ජනතාව අතරට ගෙනයාමේ කටයුතු වල වෙනදාට වඩා සකී‍්‍රය ලෙස නියැළී සිටින බවද එම වාර්තා වල සඳහන්ය.

ඇන්ජෙලා මර්කෙල් ජර්මන් ජනපතිනිය උද්ගතව ඇති වාතාවරණය දෙස උපේක්ෂාසහගතව බලා සිටින බවත් දැකගත හැකිය.මෙයින් ජර්මනියේ යහපත් හා අයහපත් මිනිසුන් හඳුනාගැනීමට හැකිවනු ඇතැයිද මේ සියල්ල ජර්මනියට යහපත් වන පරිද්දෙන් නිමාව දකිනු ඇතැයිද ඇය වරක් කීවාය.

නමුත් දිනෙන් දින ඉහළ යන ප‍්‍රචණ්ඩත්වය හමුවේ ජර්මනිය නැවත වරක් අඳුරු යුගයකට තල්ලූ වනු ඇතැයි විචාරකයෝ බිය පළකරති.

2E1ACB8D00000578-3303852-She_was_campaigning_in_the_city_of_Cologne_to_become_mayor_when_-a-22_1446657778284[1] 2E1ACD1B00000578-3303852-image-a-3_1446657219520[1] 2E1ACD5300000578-3303852-image-a-6_1446657237267[1]