'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි නව එන්නතක්, නාසයට ඉසින දියරයක් ලෙසින්, කුඩා දරුවන් සඳහා හඳුන්වා දීමට චීනයත් රුසියාවත් සූදානම් වෙයි.
චීනය සහ රුසියාව පවසා ඇත්තේ ඔවුන් නිපදවන එන්නත් මේ වනවිට සායනික අත්හදා බැලීම් සඳහා ද යොදා ගෙන තිබේ. රුසියාව පවසා ඇත්තේ එලැඹෙන සැප්තැම්බර් මාසය වනවිට ඔවුන් ඔවුන්ගේ එන්නත ලොවට හඳුන්වා දෙන බවය.
චීන සෞඛ්‍ය අමත්‍යාංශය එරට 'කැන්සිනෝ' ඖෂධ සමාගම සමඟ එක් වී ඔවුන්ගේ 'නාස් දියර' එන්නත නිපදවීම සිදු කරයි.
චීනය පවසන්නේ අවුරුදු 2 ත් 12 ත් අතැ දරුවන් වෙනුවෙන් එන්නත නිපදවන බවය. ඊට අමතරව සියාමෙන් විශ්ව විද්‍යාලය, හොංකොං විශ්ව විද්‍යාලය සහ චීනයේ බීජීං නුවර 'වන්ටායි' ජෛව තාක්ෂණ සමාගම ද එක් වෙමින් තවත් නාසයට ඉසින එන්නතක් නිපදවමින් සිටින බව වාර්තා වේ.
රුසියාවේ 'නාස් දියර එන්නත' නිපදවා ඇත්තේ 'ස්පුට්නික් 5' ප්‍රතිශක්තිකරණ එන්නත නිපදවීමට දායක වූ ගැමලේයා ඖෂධ සමාගමය. රුසියානු රජයට අයත් මෙම ඖෂධ නිෂ්පාදන සමාගම මේ වනවිට තනි මාත්‍රාවක ස්පුට්නික් එන්නතක් නිපදවා ඇත. ඒ, 'ස්පුට්නික් 5 ලයිට්' යනුවෙනි.
ගැමලේයා සමාගම පවසා ඇත්තේ ඔවුන් අවුරුදු 8 ත් 12 ත් වයස් කාණ්ඩයේ දරුවන් ඉලක්ක කර ගනිමින් 'නාස් දියර' එන්නත නිපදවා ඇති බවත්, සායනික අත්හදා බැලීම්වලදී එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කර ඇති බවත්ය.
මොස්කව් නුවරදීය (රොයිටර්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නාසයට ඉසින කොරෝනා එන්නතක්
Sri Lanka Tuesday, 15 June 2021 04:43 PM
මේක නම් ඖෂධ මාෆියාවක්ම තමයි.