IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


නාසා යානය රහස් සොයන්න යයි

අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහලෝකය ලෙස සැලකෙන, බෘහස්පතිට අයත්, අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.

ක්ලිපර් යානය සම්බන්ධ කළ ස්පේස් එක්ස් සමාගමේ ෆෝල්කන් හෙවි රොකට්ටුව ගුවන්ගත කෙරුණේ ෆ්ලොරීඩා ජනපදයේ කැනවරල් තුඩුවේ ඇති කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි. 

පෘථිවි කක්ෂයට යද්දී, ෆෝල්කන් රොකට්ටුවෙන් වෙන් වුණු ‘ක්ලිපර්’ රොබෝ ගවේෂණ යානය, යුරෝපා චන්ද්‍රයා බලා වසර 6 ක් තිස්සේ, කිලෝ මීටර් බිලියන 3 ක් ගමන් කරනු ඇත.

බෘහස්පතිට චන්ද්‍රයන් බොහෝ ප්‍රමාණයක් ඇති අතර, යුරෝපා යනු එයින් එක් අයිස්වලින් සමන්විත චන්ද්‍රයෙකි. මෙම චන්ද්‍රයා සොයා ගත්තේ ගැලීලියෝ ගැලීලිය. විද්‍යාඥයන් අනුමාන කරන්නේ යුරෝපා චන්ද්‍රයාගේ මධ්‍යයේ මහා සාගරයක් ඇති බවත්, ඒවායේ ක්ෂුද්‍ර ජීවීන් වැනි පිටසක්වල ජීවීන් සිටිය හැකි බවත්ය.

මිසින් රොබෝ යානයක් යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට යැවුණු පළමු අවස්ථාව මෙයයි. ‘ක්ලිපර්’ යානය, කෙලින්ම බෘහස්පති බලා යන්නේ නැත. 2025 පෙබරවාරියේ අඟහරු වටාත්, 2026 දී යළිත් වරක් පෘථිවිය වටාත් ගමන් කරමින් අඟහරුගේත්, පෘථිවියේත් ගුරුත්ව බලය යොදා ගනිමින් අවහ්‍ය වේගය ලබා ගෙන, කැටපෝලයකින් ගල් කැටයක් විදිනා ආකාරයට, ඉන්පසු බෘහස්පති බලා වේගයෙන් ඇදී යයි. 

‘ක්ලිපර්’ රොබෝ යානය යුරෝපා චන්ද්‍රයාට ළං වනු ඇත්තේ 2030 වසරේදීය. යානය ඉන්පසු යුරෝපා චන්ද්‍රයා අසලින් ගමන් කරමින්, ඡායාරූප ගැනීම, දත්ත රැස් කිරීම සහ චන්ද්‍රයා සිතියම්ගත කිරීම සිදු කරනු ඇත. යානය සූර්ය බලයෙන් ක්‍රියාත්මක වෙයි.

‘ක්ලිපර්’ මෙහෙයුම සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 5.2 කට වඩා වැඩි යැයි නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

නාසා යානය රහස් සොයන්න යයි

සෙනෙවිරත්න Tuesday, 15 October 2024 06:20 AM

අප සූර්යග්‍රහ මණ්ඩලයේම ග්‍රහයෙක් වන බ්‍රහස්පති වෙත යාමට වසර හයක් ගතවේ නම් විශ්වයේ වෙනත් තරු ග්‍රහයින් කොපමණ දුරකින් වේදැයි අනුමාන කළ හැකිය. මෙවන් දුරකින් ඇති ලෝකවල අප මියගිය පසු උපදින්නේ යැයි සිතිය හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

පේරු පතලකින් මළසිරුරු 13 ක්
2025 මැයි මස 05 13 0

ලතින් ඇමෙරිකාවට අයත් පේරු රාජ්‍යයේ රන් පතලකින් මළසිරුරු 13 ක් සොයා ගත් බව විදෙස් මාධ්‍ය පවසයි.


පාකිස්තානය ත්‍රස්ත කණ්ඩායම්වලට සහාය දුන්නා
2025 මැයි මස 05 16 0

පාකිස්තානය අතීතයේ ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය ඇතුළු ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සහාය මෙන්ම අනුග්‍රහය ද ලබා දුන් බව පාකිස්තානයේ හිටපු විදෙ


ලේඩි ගගාගේ ප්‍රසංගය බෝම්බ බියකින් කැලඹේ
2025 මැයි මස 05 13 0

බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ නුවර, කැපකබානා වෙරළේ පැවැත්වුණු සුපිරි පොප් ගායිකා ලේඩි ගාගාගේ සංගීත ප්‍රසංගය ඉලක්ක කර ගනිමින් එල්ල වීමට සැලැසුම් කළ බෝම්


ඉරානයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්නවා
2025 මැයි මස 05 96 0

ඊශ්‍රායලයේ බෙන් ගුරියොන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට යේමනයේ හවුති සටන්කාමීන්ගෙන් එල්ල වුණු දිගු දුර බැලැස්ටික මිසයිල ප්‍රහාරයෙන් පසු ඒ සම්බන්ධයෙන් ඉ


ඇල්කට්‍රාස් විවෘත කරන්න ට්‍රම්ප් සැරැසෙයි
2025 මැයි මස 05 95 0

ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 736 2

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 695 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 181 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1216 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site