පෘථිවියට සමාන තවත් ග්‍රහලෝක මණ්ඩලයක් සොයා ගැනීමට නාසා ආයතනය සමත්ව ඇතැයි නාසා ආයනයේ නවතම වාර්තා සඳහන් කරයි.
ලෝක ඉතිහාසයේ පළමු වරට මෙසේ ග්‍රහලෝක 100ක් එකවර නිරීක්ෂණය කිරීමට හැකිවීම විශේෂත්වයක් බවද නාසා ආයතනය කියයි. ඉන් ග්‍රහලෝක 9කම පෘථිවියට සමාන එනම් ජීවීන්ට හිතකර වායුගෝලයක් පවතින බව තාරකා විද්‍යාඥයෝ පෙන්වා දෙති.
කෙප්ලර් දුරේක්ෂය මගින් කළ දිගුකාලීන නිරීක්ෂණයක ප්‍රතිඵල ලෙස මෙම ග්‍රහලෝක මණ්ඩලය සොයා ගැනීමට සමත්වූ බව නාසා ආයතනය පෙන්වා දෙයි.
‘කෙප්ලර් දුරේක්ෂය හඳුන්වාදීමට පෙර මන්දාකිණිය අපට දුර බව දැනුණා. කෙප්ලර් සහ පරීක්ෂණ කණ්ඩායමට ස්තූතිවන්ත වෙන්න අපි දන්නවා තාරකා හැරුණු විට තවත් ග්‍රහවස්තු තිබෙන බව.‘ යැයි නාසා ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන තාරකා භෞතික විද්‍යාඥ පෝල් හර්ට්ස් පවසයි. අප විශ්වයේ හුදකලා නොවී තවත් සොයාගැනීම් සඳහා යොමුවීමට මේ දැනුම ගොඩක් වැදගත් විය හැකි බවද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් එක් ආයතනවල ප්‍රමුඛතා වෙනස්. අභ්‍යවකාශ ගවේෂණය එක් ආයතනයක ප්‍රමුඛතාවක් වෙද්දි සොබා දහම තවත් ආයතනයක් ප්‍රමුඛතාවක්. ඕකට කලින් මේක කරන්න කියලා වැඩක් නෑ. (බ)
අපෝ පිටිගල දන්නා අාලෝක වර්ෂ? (නි)
දැන් ඉතින් බොරු ආගම් කාරයෝ තමා රෙදි ගැලවෙන්නේ...ආතර් සී ක්ලාර්ක් මහතා 2050 දේ බුදුදහම මුල්තැන ගන්නවා කීව කතාව ඇත්ත වේගෙන යන්නේ....(බ)
කොතරම් නිරීක්ෂණයන් කර ග්‍රහ වස්තුන් හඳුනා ගත්තත් ඒවා සහ පෘතුවිය අතර ඇති දුර ප්‍රමාණය සළකා බලනවිට අප එම ග්‍රහවස්තු දකින්නේ ආලෝක වර්ෂ ගණනාවකට (අවුරුදු දසලක්ෂ ගණනාවක්) පෙර එය තිබු ආකාරයයි. වර්තමානයේ එය පවතිනවාද, නැද්ද යන්නවත් අප දන්නේ නැත. උදාහරණයක් ලෙස පෘථිවියට ආලෝක වර්ෂයකට දුරින් ඇති ග්‍රහවස්තුවක ආලෝක ධාරාවක් අපේ ඇසේ ගැටෙන්නේ එය ඉන් නිකුත්වී ආලෝක වර්ෂයකට පසුව වීමයි. (නි)
මේගොල්ලෝ මේ ආලෝක වර්ෂ ගණන් එහා තියෙන එ්වට යන්න හදනවා. තාම මට අැමෙරිකාවටවත් යාගන්න බැරිවුණා. මිනිස්සු හඳට ගියෙත් එකපාරක් විතරයි. තියෙන තැන ලස්සනට ඉන්නේ නැතුව, අාලෝක වර්ෂ ගණන් එහා තියෙන එ්වට යන්න හදනවා (නි)
පිටිගල ළමයෝ ආලෝක වර්ෂ වලින් කියන්නේ එම ස්ථානයට ඇති දුර පමණයි .. ඔයා ගොඩක් පටලවාගෙන .(අ)
ඇන්තනි පටලවාගෙන ඉන්නේ ඔයයි. මිලානෝ ගේ අදහස හරි. (ර)
ඇන්තනි, ආලෝක වර්ෂයක් යනු වර්ෂයක් තුල ආලෝක ධාරාවක් ගමන් කරන දුරයි. මම මෙහිදී අදහස් කර ඇත්තේ මෙවන් අතිවිශාල දුර ප්‍රමාණයට අනුරූපව කාලයද වසර ලක්ෂ ගණනින් වෙනස් වන ආකාරයයි. එනම් අප සත්‍යයෙන්ම වර්තමානයේ ග්‍රහ වස්තුවක් දකින්නේ එහි ඉතාමත්ම පැරණි අතීතයක් බවයි. ඇන්තනි ඔබ ඉතාලියේද ඉන්නේ? ඒ නිසා වෙන්න ඇති මේ දේවල් තේරුම් ගන්න අමාරු. (ර)
ආලෝක වර්ෂයක් යනු ආලෝකය වර්ෂයකදී ගමන් කරන දුර. නිකමට හිතල බලන්න ආලෝකයේ වේගය කිය්යද කියල එක තත්පරයකට ආලෝකය කිලෝමෙටෙර් 299792 ගමන් කරනවා ආලෝක වර්ෂයකට අැතින් තියෙන ග්‍රහලෝකයකින් නිකුත් වෙන ආලෝක තරංඟයක් අපි දකින්නේ හරියටම වර්ෂයට පස්සේ (බ)
විශ්වයේ අපේ හුදෙකලා බව මකන්න කලින් බැරිවෙයිද අපි ඉන්න මේ ලෝකේ සොබාදහම රැකගන්න. මොකද මෙයාලා අලුත් මන්දාකිණි හොයන අතරවාරේ අපේ මිහිකත අඳුරු වෙමින් යන නිසා. (නි)
රජින්ද ඉමග මමත් එකඟයි. (ර)
අනේ මන්දා! මට නම් මේවා දැකලා හිනාත් යනවා. රජින්ද, ඔබ හරි (නි)
අනේ ඉතින් එදා වේල කන්න නැති මිනිස්සු මේ ලෝකේ කොච්චර ඉන්නවද. ග්‍රහලෝක හොයන්න කලින් ඒ අහිංසක මිනිස්සුන්ව හොයලා කන්න වේලක් දුන්නොත් මොන තරම් පින් සිද්ධ වේවිද.(හේ)