ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 68ක් ගතවීම නිමිත්තෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප‍්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා හා එම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලූම ආගම්හී නියෝජිතයෝත්, පැරීසියේ ක‍්‍රියාශීලී, සමාජශීලී සංගම්හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් සංවිධානය කර තිබිණි. බෞද්ධාගමික වතාවත් වලින් පසු අනෙක් ආගම්හී ජුජා මෙහෙයන් සිදු කැරිණි. ශ්‍රී ලංකා ජනාධිපති ගේ, අගමැති ගේ, විදේශ ඇමති ගේ නිදහස් දින පණිවිඩ ද සභාවට ඉදිරිපත් කළ අතර පැරීසියේ ජයමිණි හා තිසරාවි රංඟ කලායතනයන් හී ශ්‍රීලාංකික දරුවන්ගේ නර්ථන ප‍්‍රසංගයක්ද අනතුරුව භෝජන සංග‍්‍රහයක්ද පැවැත්විණි.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් නිදහස සැමරුවේය.ඉන්පසු ගරු තානාපති තිලක් රණවිරාජා මහතා සමග කෙටි පුවත්පත් සාකච්ඡාවක්ද පැවැත්වීය.

ප‍්‍රශ්නය:

බොහෝ කලකට පසු ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පිටත ස්ථානයක විශාල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැස්වූ නිදහස් උත්සවයක් ලෙස මෙම 68 වෙනි නිදහස් උත්සවය හැදින්විය හැක. එය ප‍්‍රංශ තානාපති සේවා ඉතිහාසයේ සුවිශේෂි සිහිවටනයක්. එයට මූලිකත්වය දුන් ඔබ තුමාට 68 වැනි නිදහස ගැන පැවැසීමට ඇත්තේ කුමක්ද?

පිළිතුර:

මින් පෙර ජනපති පැරීසියට පැමිණි මොහොතේ ශ්‍රී ලාංකික හමුවක් මෙම ස්ථානයේ සූදානම් කර තිබුනත් නොවැළැක්විය හැකි විවිධ හේතුන් මත එය අවලංගු වුණා. එබැවින් මෙම ස්ථානය මෙවර උත්සවය සඳහා තෝරා ගත්තා. ඇත්තෙන්ම අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ සර්ව සාධාරණ යහපාලන ජාතික රජයක් සිංහල, දමිළ, මුස්ලිම් ,බර්ගර් ලෙස සියලූ දෙනා එකමුතුව එක රටක් ලෙස ඉදිරියට ගමන් කරන මෙහොතක් ලෙස හැදින්වීම නිවැරදියි. එවැනි අවස්ථාවකයි අපි 68 වැනි නිදහස සමරන්නේ. මේ වනවිට සියලූම ජාතීන් ඒකරාශි කොට ජාත්‍යයන්තරයේ පැසසුමට ලක් වෙමින් ඉතාමත් සුබවාදි ඉදිරි ගමනක් සඳහා අවශ්‍යය පියවර නව යහපාලන රජය ගෙන තිබීම සතුටට කරුණක් වගේම එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අවශ්‍යය වෙනවා. සමහරක් දේ වෙනස් නොවුනද,  නිවහල් ජාතියක් ලෙස ජීවත් වීමේ පරිසරය අද අපට සැකසී තිබෙනවා. අද මෙම උත්සවයට පවා විශාල දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවක් සහභාගි වුණා. අද ශ්‍රී ලංකාව තුල ගොඩ නැගෙන ජාතික සංහිදියාව ප‍්‍රංශයෙත් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ ගැන මම සතුටු වෙන අතරම ඒ ස්වර්ණමය අවස්ථාව ලබා දුන් සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. එය ශක්තිමත් කරමින් ඉදිරියටත් රැක ගැනීම ශ්‍රීලාංකික ඔබලා සතු වගකීමක් බවද මතක් කර දීමට කැමැත්තෙමි.

ප‍්‍රශ්නය:

නිදහස සමරන මෙම උත්සවයන්හී , ප‍්‍රධාන අර්ථය වී ඇත්තේ, අප රට පාලනය කළ විදේශීයන් වන පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදීන්ගෙන් මිදී එක ජාතියක් ලෙස ජීවත් වීමට ලබා ගත් පරිසරය සැමරීමයි. නමුත් අදටත් සමහරක් පිරිස් විසින් අධිරාජ්‍යවාදීන් ලෙස ඔවුන්ව විවේචනයට හසු කරමින් සිටියත් ඔවුන් විසින් ස්ථාපිත කළ ඇතැම් ව්‍යාපෘති උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දුම්රිය සේවය, රාජ්‍ය පරිපාලනය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, අධ්‍යාපන ක‍්‍රමය යනාදිය ඔවුන් ගෙන් පසු කිසිම සතුටුදායක දියුණුවක් ලබා නොගැනීම කනගාටුවට කරුණක්. සමහරක් විවේචකයන්ගේ දරුවන් ඉගෙනීම කරන්නේ එම අධිරාජ්‍යවාදි රටවල. ඔවුන්ට දොස් නගමින් අපි නිදහස සමරනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර:

මම ඒ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. නමුත් මගේ තර්කය එම කාලයට වඩා පැහැදිලි නිදහසක් දැන් අපට තිබෙනවා. එබැවින් අපේ රට සංවර්ධනය කර ගැනීමට අපි කටයුතු කරමු. ඔවුන් ගෙන් අපට හොඳ දේවල් ලැබිලා තිබෙනවා. ඒවා අපි අපට සරිලන ලෙස දියුනු කර ගත යුතුයි. නමුත් විශේෂයෙන් මතක් කළයුතු දෙයක් තිබෙනවා. පසුගිය 68 වසර ඇතුලත විශාල සමාජ සංවර්ධනයක් ඇති වෙලා තිබෙනවා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර වල හොඳ දියුණුවක් ඇති වෙලා තිබෙනවා. මම කලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. ඒ නිසා මම දන්නවා අපේ සෞඛ්‍ය සේවාව දියුණු රට වලට සමගාමීව ඉතාම හොඳ මට්ටමක පවතිනවා. නමුත් දශක තුනක යුද්ධය හේතු කොට අවශ්‍යය ප‍්‍රයෝජන ගැනීමට නොහැකි වුණා. දැන් යුද්ධයක් නැහැනේ. එම නිසාම තමයි ජනාධිපති සමග සියලූ ජාතීන් එකතුව මෙරට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යය අත්තිවාරම දාලා තියෙන්නේ. මේ , ඒ සඳහා සුදුසුම කාලයයි. එබැවින් අපි සියලූ දෙනාම එකමුතුව ඒ කටයුත්තට සහයෝගය දෙමු. එය අපේ වගකීමක් .

paris_201628-____-__-_____--01 paris_201628-____-__-_____--02 paris_201628-____-__-_____--03 paris_201628-____-__-_____--04 paris_201628-____-__-_____--05 paris_201628-____-__-_____--06 paris_201628-____-__-_____--07 paris_201628-____-__-_____--08 paris_201628-____-__-_____--09 paris_201628-____-__-_____--10 paris_201628-____-__-_____--11

paris_201628-____-__-_____--12