IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නිවහල් ජාතියක නිදහස පැරිසියේදී සැමරේ

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 68ක් ගතවීම නිමිත්තෙන් ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සංවිධානත්වයෙන් හා ප‍්‍රධානත්වයෙන් නිදහස් සැමරුම් උත්සවයක් පැවැත්විණි.

ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තිලක් රණවිරාජා මහතා හා එම මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් හා තානාපති කාර්ය මණ්ඩලයද, සියලූම ආගම්හී නියෝජිතයෝත්, පැරීසියේ ක‍්‍රියාශීලී, සමාජශීලී සංගම්හී නිලධාරීන් ශ්‍රී ලාංකික සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් ආරාධිතයන්ගේ සහභාගිත්වයෙන් අලංකාර අභිමානවත් නිදහස් උත්සවයක් සංවිධානය කර තිබිණි. බෞද්ධාගමික වතාවත් වලින් පසු අනෙක් ආගම්හී ජුජා මෙහෙයන් සිදු කැරිණි. ශ්‍රී ලංකා ජනාධිපති ගේ, අගමැති ගේ, විදේශ ඇමති ගේ නිදහස් දින පණිවිඩ ද සභාවට ඉදිරිපත් කළ අතර පැරීසියේ ජයමිණි හා තිසරාවි රංඟ කලායතනයන් හී ශ්‍රීලාංකික දරුවන්ගේ නර්ථන ප‍්‍රසංගයක්ද අනතුරුව භෝජන සංග‍්‍රහයක්ද පැවැත්විණි.

සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර් විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් නිදහස සැමරුවේය.ඉන්පසු ගරු තානාපති තිලක් රණවිරාජා මහතා සමග කෙටි පුවත්පත් සාකච්ඡාවක්ද පැවැත්වීය.

ප‍්‍රශ්නය:

බොහෝ කලකට පසු ප‍්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පිටත ස්ථානයක විශාල සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ශ්‍රී ලාංකිකයෝ පිරිසක් රැස්වූ නිදහස් උත්සවයක් ලෙස මෙම 68 වෙනි නිදහස් උත්සවය හැදින්විය හැක. එය ප‍්‍රංශ තානාපති සේවා ඉතිහාසයේ සුවිශේෂි සිහිවටනයක්. එයට මූලිකත්වය දුන් ඔබ තුමාට 68 වැනි නිදහස ගැන පැවැසීමට ඇත්තේ කුමක්ද?

පිළිතුර:

මින් පෙර ජනපති පැරීසියට පැමිණි මොහොතේ ශ්‍රී ලාංකික හමුවක් මෙම ස්ථානයේ සූදානම් කර තිබුනත් නොවැළැක්විය හැකි විවිධ හේතුන් මත එය අවලංගු වුණා. එබැවින් මෙම ස්ථානය මෙවර උත්සවය සඳහා තෝරා ගත්තා. ඇත්තෙන්ම අද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික‍්‍රමසිංහ යටතේ සර්ව සාධාරණ යහපාලන ජාතික රජයක් සිංහල, දමිළ, මුස්ලිම් ,බර්ගර් ලෙස සියලූ දෙනා එකමුතුව එක රටක් ලෙස ඉදිරියට ගමන් කරන මෙහොතක් ලෙස හැදින්වීම නිවැරදියි. එවැනි අවස්ථාවකයි අපි 68 වැනි නිදහස සමරන්නේ. මේ වනවිට සියලූම ජාතීන් ඒකරාශි කොට ජාත්‍යයන්තරයේ පැසසුමට ලක් වෙමින් ඉතාමත් සුබවාදි ඉදිරි ගමනක් සඳහා අවශ්‍යය පියවර නව යහපාලන රජය ගෙන තිබීම සතුටට කරුණක් වගේම එය සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අවශ්‍යය වෙනවා. සමහරක් දේ වෙනස් නොවුනද,  නිවහල් ජාතියක් ලෙස ජීවත් වීමේ පරිසරය අද අපට සැකසී තිබෙනවා. අද මෙම උත්සවයට පවා විශාල දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවක් සහභාගි වුණා. අද ශ්‍රී ලංකාව තුල ගොඩ නැගෙන ජාතික සංහිදියාව ප‍්‍රංශයෙත් ගොඩ නැගෙමින් තිබෙනවා. ඒ ගැන මම සතුටු වෙන අතරම ඒ ස්වර්ණමය අවස්ථාව ලබා දුන් සියලූ දෙනාටම ස්තුති වන්ත වෙනවා. එය ශක්තිමත් කරමින් ඉදිරියටත් රැක ගැනීම ශ්‍රීලාංකික ඔබලා සතු වගකීමක් බවද මතක් කර දීමට කැමැත්තෙමි.

ප‍්‍රශ්නය:

නිදහස සමරන මෙම උත්සවයන්හී , ප‍්‍රධාන අර්ථය වී ඇත්තේ, අප රට පාලනය කළ විදේශීයන් වන පෘතුගීසි, ලන්දේසි, ඉංග‍්‍රීසි ආදීන්ගෙන් මිදී එක ජාතියක් ලෙස ජීවත් වීමට ලබා ගත් පරිසරය සැමරීමයි. නමුත් අදටත් සමහරක් පිරිස් විසින් අධිරාජ්‍යවාදීන් ලෙස ඔවුන්ව විවේචනයට හසු කරමින් සිටියත් ඔවුන් විසින් ස්ථාපිත කළ ඇතැම් ව්‍යාපෘති උදාහරණයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය, දුම්රිය සේවය, රාජ්‍ය පරිපාලනය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, අධ්‍යාපන ක‍්‍රමය යනාදිය ඔවුන් ගෙන් පසු කිසිම සතුටුදායක දියුණුවක් ලබා නොගැනීම කනගාටුවට කරුණක්. සමහරක් විවේචකයන්ගේ දරුවන් ඉගෙනීම කරන්නේ එම අධිරාජ්‍යවාදි රටවල. ඔවුන්ට දොස් නගමින් අපි නිදහස සමරනවා. ඒ ගැන ඔබගේ අදහස කුමක්ද?

පිළිතුර:

මම ඒ අදහසට සම්පූර්ණයෙන්ම එකඟ නැහැ. නමුත් මගේ තර්කය එම කාලයට වඩා පැහැදිලි නිදහසක් දැන් අපට තිබෙනවා. එබැවින් අපේ රට සංවර්ධනය කර ගැනීමට අපි කටයුතු කරමු. ඔවුන් ගෙන් අපට හොඳ දේවල් ලැබිලා තිබෙනවා. ඒවා අපි අපට සරිලන ලෙස දියුනු කර ගත යුතුයි. නමුත් විශේෂයෙන් මතක් කළයුතු දෙයක් තිබෙනවා. පසුගිය 68 වසර ඇතුලත විශාල සමාජ සංවර්ධනයක් ඇති වෙලා තිබෙනවා සෞඛ්‍ය හා අධ්‍යාපන ක්‍ෂේත‍්‍ර වල හොඳ දියුණුවක් ඇති වෙලා තිබෙනවා. මම කලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළා. ඒ නිසා මම දන්නවා අපේ සෞඛ්‍ය සේවාව දියුණු රට වලට සමගාමීව ඉතාම හොඳ මට්ටමක පවතිනවා. නමුත් දශක තුනක යුද්ධය හේතු කොට අවශ්‍යය ප‍්‍රයෝජන ගැනීමට නොහැකි වුණා. දැන් යුද්ධයක් නැහැනේ. එම නිසාම තමයි ජනාධිපති සමග සියලූ ජාතීන් එකතුව මෙරට ස්වයංපෝෂිත කිරීමට අවශ්‍යය අත්තිවාරම දාලා තියෙන්නේ. මේ , ඒ සඳහා සුදුසුම කාලයයි. එබැවින් අපි සියලූ දෙනාම එකමුතුව ඒ කටයුත්තට සහයෝගය දෙමු. එය අපේ වගකීමක් .

paris_201628-____-__-_____--01 paris_201628-____-__-_____--02 paris_201628-____-__-_____--03 paris_201628-____-__-_____--04 paris_201628-____-__-_____--05 paris_201628-____-__-_____--06 paris_201628-____-__-_____--07 paris_201628-____-__-_____--08 paris_201628-____-__-_____--09 paris_201628-____-__-_____--10 paris_201628-____-__-_____--11

paris_201628-____-__-_____--12

 

 

 



අදහස් (0)

නිවහල් ජාතියක නිදහස පැරිසියේදී සැමරේ

සම්පත් Monday, 08 February 2016 04:25 PM

අයියෝ සේරම් මමත් ඔය පැරීසියට ළඟ තියෙන දුපතක අගනුවර රට වෙනුවෙන් වැඩ ගොඩක් කරපු කෙනෙක්. මගේ පින්තුරවත් මගේ පව්ලේ කට්ටියගේ පින්තුර වත් ප්‍රසිද්ද වෙනවට මමනම් කැමති නැහැ. කරපු වැඩ ගැන සතුටු වෙන්න.(කෞ)

:       0       0

මාගලි ෆොන්සේකා Tuesday, 09 February 2016 07:46 PM

පිටිගල මොකද දන්නේ නැහැ නිතරම පැරිස් යන්නේ? ප්‍රංශයේ ඕපාදුප බලන්නද දන්නේ නැහැ නේද. අලුත් ඕපාදුප එහෙම නැද්ද ප්‍රංශය ගැන කියන්න අද? (නි)

:       0       0

ආරච්චිගේ Monday, 08 February 2016 06:53 PM

ජයවේවා! (නි)

:       0       0

කිත්සිරි Monday, 08 February 2016 08:51 PM

අපිට සතුටුයි (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 08 February 2016 12:55 PM

රටක නිදහස සැමරීම මේ අකාරයෙන් සියලු ලාංකිකයින්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීම නිතර පැරිසියට යන එන මට ලොකු සතුටක්. ඉස්සර නම් මේවා සිදුවුනේ තානාපති කාර්යාලයට නිතර පස්සා දොරින් රිංගන සමහර නිවටයන් කොටසකට රුචි පරිදිය. මෙම සුවිශේෂී අවස්ථාවේ දශක කිහිපයක් තිස්සේ ලංකාවේ දුගී දුප්පත් සිසුන් දහස් ගණනක දෑස් පෑදු අතිපූජ්‍ය චන්දානන්ද ස්වාමින්වහන්සේටද ප්‍රකාශයක් කිරීමට දුන්නා නම් අගනේය. ශ්‍රීලනිප පක්ෂයේ සංවස්තරය එයට අරක් ගත්තා යැයි කියන පිරිසක් 'ඩිස්කෝ' නටමින් සමරද්දී මෙය ඉතාමත්ම ආදර්ශමත් උත්සවයක් බව පෙනේ.(අ)

:       0       0

සාලිය Wednesday, 10 February 2016 10:23 PM

සේරම්, ඔයාලා වගේ අපි දන්න ගොඩක් කට්ටිය පැරිසියේ ඉන්නවා (නි)

:       0       0

asokaa Wednesday, 10 February 2016 12:50 PM

සුනාමියට අවුරුද්දක් පිරෙන වෙලාවේ ඒ සඳහා වෙහෙසුණු අයට සහ සංගම්වලටත්, සියලු ආගමික පුජකවරුන්ටත් පක්ෂ බේද, ආගම් බේද, නැතිව ආරාධනා කර තිබුන. එය ඉතාමත් ලස්සනට කෙරුණා. මේ වගේ දෙයක් කරන විට රට වෙනුවෙන් අපි කව්රුත් එකමුතු විය යුතුයි. මේවා දකින කොටත් සතුටුයි! (ර)

:       0       0

සේරම් පැරිස් Monday, 08 February 2016 02:14 PM

මම පැමිණියත් මගේ හෝ මාගේ බිරිඳගේ පිංතුරය මෙහි දමා නැත , මමත් කාලයක් පැරිසියේ ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති තනතුර හොබවා අයින් වුණ කෙනක් , අපව දැන් කොන් කරනා ගතියක් පේනවා (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 549 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1694 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site