උතුරු නවසීලන්තයේ රික්ටර් මාපක 5.6ක භූමිකම්පාවක් සිදුව ඇති බවට වාර්තා වෙයි. මේ වන තෙක් සුනාමි අවධානමක් නිකුත් කර නැති අතර ජීවිත හානි හෝ දේපල හානි පිළිබඳ නිසි වාර්තාවක් ලැබී නැත.
කිලෝමීටර් 10ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භුමිකම්පාව සිදුව ඇති බව ඇමෙරිකා භූ විද්යා සමීක්ෂණ ආයතනය පවසයි.
මීට සතියකට පෙර නවසීලන්තයට රික්ටර් මාපක 7.8ක විශාලත්වයකින් යුත් ප්‍රබල භු කම්පනයක් සිදුවූ අතර ඉන්පසු විටින් විට පසු කම්පන ඇති විය.ඉන් දෙදෙනක් මිය ගිය බවත් සුනාමි තත්ත්වයක් ඇති වූ බවත් වාර්තා විය.
නවසීලන්තය ආශ්‍රිතව භූ කම්පන නිතර ඇති වෙන අතර මීට වසර පහකට පෙර ක්‍රිස්චර්ච් හී ඇති වූ භුමි කම්පනයෙන් 185 දෙනක් ජීවිතක්ෂයට පත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයේ එන්න එපා කරුණාකර (බ)
ස්වභාව ධර්මය උරණ වෙලා! (නි)