IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


නවසීලන්තයට අලුත් කොඩියක්

නවසීලන්තය තම ජාතික ධජය වෙනස් කිරීමට මේ වන විට අවසාන කොඩි 4ක් තෝරාගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි. ඒ අතරින් එකක් නවසීලන්තයේ නව ජාතික ධජය බවට පත් කිරීම සඳහා ලබන සැප්තැම්බර් 20 වැනිදා ජනමත විචාරණයක් පැවැත්වීමට එරට රජය තීරණය කර ඇත.

බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී සලකුණු සිය ධජයෙන් ඉවත් කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජෝන් කී පසුගිය වසරේදී යෝජනා කළේය.

දැනට භාවිත කරන නවසීලන්ත ධජයේ කෙළවරක බි‍්‍රතාන්‍ය ධජය සලකුණු වන අතර එය එය රටේ ඉදිරි ගමන පිළිබිඹු කිරීම සඳහා ධජය වෙනස් කිරීම අවශ්‍යතාවක් බව ඔහු සඳහන් කරයි.

නව ධජය සඳහා යෝජනා වී ඇති සංකේතයක් වන්නේ නවසීලන්ත  ඕල් බ්ලැක්ස් රගර් කණ්ඩායම ප‍්‍රවර්ධනය කරන රිදී පත‍්‍රයයි. එය නවසීලන්තයට ආවේණික මීමන කුලයට අයත් ඔලිව් ශාඛ පත‍්‍රයකි.

දැනට අවසාන වශයෙන් තෝරාගෙන ඇති ධජ හතර මෙසේය.

webnZflag_201591

දැනට පවතින නවසීලන්ත ජාතික ධජය

webnZflag_201591-II

 
 
 



අදහස් (0)

නවසීලන්තයට අලුත් කොඩියක්

සංකල්ප Tuesday, 01 September 2015 10:57 AM

දෙවෙනි සහ තුන් වෙනි කොඩි කොහොමත් නොගැලපේ. එය දුටු පමණින් මතක් වෙන්නේ එක් ප්‍රබල අන්තවාදී ත්‍රස්ත සංවිධානයක්. එත් නවසීලන්තය සාමකාමී රටක්. (අ)

:       0       0

යසස් Wednesday, 02 September 2015 07:26 AM

මට නම් මේ එකක්වත් ‍හොඳ නැහැ (නි)

:       0       0

උද්දික Tuesday, 01 September 2015 11:37 AM

ඇත්තටම නවසීලන්තය ඉතා සාමකාමී රටක්. මම හිතන්නේ නැහැ කව්වුරුත් දැන් තියෙන ධජය මාරු කරන්න කැමති වෙයි කියලා (බ)

:       0       0

සමීර Tuesday, 01 September 2015 12:39 PM

මේ කොඩිය මාරු කිරීම විදේශීය කුමන්ත්‍රණයක් කියල ලොකු ප්‍රචාරයක් දුන්නොත් කොඩිය මාරු කිරීම නතර කරගන්න පුළුවන් (බ)

:       0       0

රන්ජිත් Wednesday, 02 September 2015 04:41 PM

බහුතර බුද්ධිමතුන් ඇති නවසීලන්තය වැනි රටක ජනයාට අද වුණත් තමන්ගෙ රටට ගැළපෙන කො‌ඩියක් තෝරාගන්න ඉවසීමක් තිබෙනවා. කො‌හො‌මද මේ වගේ යො‌ජනාවක් අපේ රටේ ආවොත්? කො‌ටසක් පාරට බහී, තව කො‌ටසක් ආ‌ණ්ඩුව පෙළන්න වලිකයි, තව කො‌ටසක් මහජන අයිතීන් එකට යයි, හාමුදුරුවරු සිවුරු කරට ගනී. හො‌ඳ ඩෙගා නැටිලි ටිකක් බලන්න තිබුනා. (නි)

:       0       0

කමල් Wednesday, 02 September 2015 05:10 AM

මම හිතන්නේ පළවෙනි එක හොදයි (ම)

:       0       0

සිල්වියා Tuesday, 01 September 2015 05:52 PM

මම හිතන්නේ හතර වෙනියට තිබෙන කොඩිය හොඳයි (නි)

:       0       0

නිශාන් විජේසිංහ Wednesday, 02 September 2015 05:24 AM

මේක දැකල අපේ වුණත් කියයිද දන්නේ නෑ අපේ රටෙත් ජාතික කොඩිය මාරු කරන්න ඕනේ කියලා . (ම)

:       0       0

පෙරේරා Tuesday, 01 September 2015 09:10 AM

ඔය හතරෙන් එකක් සැප්තැම්බර 20 ජනමතයෙන් තෝරාගෙන ඊටපස්සේ ඒ තෝර ගත්තු ධජය ද නැත්නම් දැනට තියෙන ධජයද කියල ලබන වසරේ තියෙන ජනමතයකින් තමයි තීරණය වෙන්නේ. දැනට නවසීලන්තේ ජනතාවගෙන් 80%ක් දැනට තියෙන ධජය වෙනස් කිරීමට බෙහෙවින් විරුද්ධයි (ම)

:       0       0

නි.වීරසිංහ Tuesday, 01 September 2015 09:20 AM

මුලින්ම දැක්වෙන රතු සුදු නිල් කොඩිය තෝරා ගනීවි යයි මම සිතමි. (ම)

:       0       0

අතුල Tuesday, 01 September 2015 08:58 PM

මමත් හිතනවා පළමු එක හොඳයි කියලා (නි)

:       0       0

නිවන්තක Tuesday, 01 September 2015 11:47 PM

බොහොම හොඳයි (නි)

:       0       0

මොහාන් Wednesday, 02 September 2015 02:13 AM

නියමයි. අපේ කොඩියත් වෙනස් කරමුද? (නි)

:       0       0

තිලක් Wednesday, 02 September 2015 02:46 AM

ඕවා එකක්වත් හරියන්නේ නැහැ. අපි දාමු මල් මල් කොඩියක්. (නි)

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 496 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1675 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site