
නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම වෙඩි තැබීම සිදුවූයේ කාන්තා ලෝක පා පන්දු තරගාවලිය ආරම්භ වීමට ඔන්න මෙන්න කියා තිබියදීය.
වෙඩි තැබීමෙන් තවත් 6 දෙනෙකු තුවාල ලැබූ බව ද පැවැසෙයි. ඔවුන්ගේ තත්ත්වය බරපතල නැතැයි ද පැවැසෙයි. වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන දිගටම පැවැත්වෙයි.
වෙඩි තැබීමේ සිද්ධිය සහ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් නැති බවත්, කාන්තා පා පන්දු තරගාවලිය නියමිත පරිදි පැවැත්වෙනු ඇති බවත් නවසීලන්ත අග්‍රාමාත්‍ය ක්‍රිස් හොප්කින්ස් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd