නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය සාර්ථකව මැඬ පැවැත්වූ බවට පිළිගත් නවසීලන්තයෙන් නව ආසාදිතයන් දෙදෙනකු හමුවීමත් සමඟ දේශසීමාවලට හමුදා යෙදවීමට එරට අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩෙන් අද (17) පියවර ගත්තාය.
මේ අනුව නව කොරෝනා වයිරසය නැවත වරක් රට තුළ ව්‍යාප්ත වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීමටත් අධීක්ෂණ කටයුතු සඳාහත් ගුවන් තොටුපොළ සහ වරාය ඇතුළු රටට ඇතුළුවන ස්ථානවලට හමුදා යෙදවීමට නවසීලන්තය පියවර ගෙන ඇත.
නවසීලන්තයෙන් ඊයේ (16) කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක් හමූවූහ. නවසීලන්තයෙන් එලෙස නව කොරෝනා ආසාදිතයන් හමුවූයේ දින 24කට පසුවිය. එලෙස වයිරසය ආසාදනය වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ සිට පැමිණි කාන්තාවන් දෙදෙනකුට ය.
‘‘අපි දැඩි පියවර ගන්න ඕනෑ. කිසිම බුරුලක් දෙන්න බැහැ. ඒ වගේම අපට විශ්වාසය අවශ්‍ය යි. ඒ නිසා හමුදාවේ වගේ විනයක් අපිට ඕනෑ. ඒ නිසා අපි හමුදාව යොදවනවා’’ යැයි අග්‍රාමාත්‍යවරිය උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
අල්ජසීරා
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නේ නවසීලන්තයේ... මේ රටේ මිනිස්සුන්ට කොළේ වහලා සානුකම්පිත හේතු මත කියලා නිරෝධායනයේ සිටි බොහෝ විදේශ රටවල් වල සිට පැමිණි අය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත එළියට යවලා දැන් රටම විනාශයට යොමුකරලා මෙහෙ ආණ්ඩුව...
රාජිත මහත්මයයි, පුතානෝයි, රතු අලියයි දැන් නවසිලන්ත ආණ්ඩුවට විරුද්ධව පිකට් එකක් කරයිද දන්නේ නැහැ හමුදාව කොරෝන මර්දනයට ගාවා ගත්ත කියලා.
අපි රතු බලකාය යවමු
මේ අගමැති නෝනා උඩ පනිනවා වැඩියි.. අනික කවදාවත් කියන්න හොඳ නෑ... රට කොරෝනා වලින් නිදහස් කියලා. සියල්ල පාලනය කළා කිව්වා නම් ඉවරයි. මෙයාලට ඕන වුනේ අපි පොරවල් කියන්න. දැන් තමයි හමුදාවේ අගේ, විනය තේරිලා තියෙන්නේ මෙයාලට.. අපෙත් මැති ඇමතිලා කොරෝනා මර්ධනේට දැම්මා නං අද ඇමරිකාවට විතරයි දෙවැනි වෙන්නේ...
මුල ඉඳලාම රට වහගෙන ඉන්නේ.., මේ අගමැතිණියට කොරෝනා වියරුවක් හැදිලා තියෙන්නේ..