ප්‍රබල භූමිකම්පාවකින් හානි සිදු වූ නවසීලන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැවතුණු දැඩි සුළං හා වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ අනතුරට පත්වූවන් බේරාගැනීමේ සහ සහන සැලසීමේ කටයුතු යළි ආරම්භ කළ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කරයි.
මුහුදුබඩ නගරයක් වන කයිකෝරාහි කොටු වී සිටින විදේශිකයන් ඇතුලු තවත් බොහෝ පිරිස් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා පිටත්කර යවා ඇත. ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා හතරක් සහ නාවුක යාත්‍රා දෙකක් මේ සඳහා යෙදවූ බව බලධාරීන් පවසයි. මෙම ප්‍රදේශයේ තල්මසුන් නිරීක්ෂණ ස්ථානයක විදේශිකයන් 1200ක් පමණ පිළිසරණක් නොමැතිව කොටු වී සිටින බව වාර්තා වී තිබිණ.
නාය යෑම් හේතුවෙන් ක්‍රයිස්චර්ච් නගරයට ඇතුලුවන ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග බොහොමයක් වැසී ඇතැයිද සමහර ස්ථාන වල ගංවතුර තත්ත්වයන් හටගෙන ඇතැයි ද වාර්තා වේ.
නවසීලන්තයට බලපෑ 7.2ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයෙන් හා පසුකම්පන වලින් ජීවිත දෙකකට හානි සිදුවී ඇති අතර විශාල දේපල හානි ද සිදුවී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd