නවසීලන්තයේ කයිපාරා වරාය ආසන්නයේ ධීවර යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 7 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

යාත්‍රාවේ සිටි තවත් තිදෙනකු දිවි බේරාගෙන ඇතැයි කියති. නවසීලන්තයේ ඕක්ලන්ඩ් ආසන්නයේ මෙම අනතුර සිදුව ඇති අතර මිය ගිය 7 දෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි කියති. තවත් දෙදෙනෙක් අතුරුදන්ව ඇත.

එහි සිටි දෙදෙනකු හෙලිකොප්ටරයක් මගින් බේරාගත් බවත් තවත් අයකු පිහිනා දිවි බේරාගැනීමට සමත්ව ඇති බවත් වාර්තාවේ.

වැලි පරයක් පසු කිරීමට යාමේදී එහි ගැටී බෝට්ටුව අනතුරට ලක්ව ඇතැයි නවසීලන්ත මාධ්‍ය වාර්තා සඳහන් කරයි.