
නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ.
වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනකු සහ ඩොල්ෆින් තිදෙනකු වෙටැංගි වෙස්ට් වෙරළ තීරයේ මියගොස් සිටි බවයි.
තල්මසුන් මියයෑමට හේතුව පැහැදිලි නැතැයි ද ඔවුහු පවසති.
චැතම් දූපත් වල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන අතර 1918 වසරේදී තල්මසුන් 1,000ක් පමණ දූපත් වල අතරමංවී මියගිය බව වාර්තා වී තිබේ.
මීට මාස දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයෙට පැමිණි තල්මසුන් 380ක් පමණ මිය ගියහ.
තල්මසුන් නවසීලන්ත මුහුදේ වඩාත් සුලභ වර්ගයක් වන අතර මීටර් හයක් දක්වා වර්ධනය විය හැකිය.
නවසීලන්තයට කිලෝමීටර් 800ක් පමණ නැගෙනහිරින් පිහිටි චැතම් දූපතේ ස්වදේශික මොරියෝරි හා මාඕරි ප්‍රජාව ජීවත් වෙති.
බීබීසී ඇසුරිණි
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd