IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නවසීලන්ත චැතම් දූපත් වෙරළේ තල්මසුන් 100 ක් පමණ මියගිහින්

 

නවසීලන්තයේ චැතම් දූපතේ වෙරළට මියගිය තල්මසුන් 100ක් පමණ ගොඩගසා ඇතැයි වාර්තා වේ.

වෙරළ සංරක්ෂණ නිලධාරීන් පවසන්නේ තල්මසුන් 97 දෙනකු සහ ඩොල්ෆින් තිදෙනකු වෙටැංගි වෙස්ට් වෙරළ තීරයේ මියගොස් සිටි බවයි.

තල්මසුන් මියයෑමට හේතුව පැහැදිලි නැතැයි ද ඔවුහු පවසති.

චැතම් දූපත් වල මෙවැනි සිදුවීම් බහුලව සිදුවන අතර 1918 වසරේදී තල්මසුන් 1,000ක් පමණ දූපත් වල අතරමංවී මියගිය බව වාර්තා වී තිබේ.

මීට මාස දෙකකට පමණ පෙර ඕස්ට්‍රේලියාවේ තස්මේනියා වෙරළ තීරයෙට පැමිණි තල්මසුන් 380ක් පමණ මිය ගියහ.

තල්මසුන් නවසීලන්ත මුහුදේ වඩාත් සුලභ වර්ගයක් වන අතර මීටර් හයක් දක්වා වර්ධනය විය හැකිය.

නවසීලන්තයට කිලෝමීටර් 800ක් පමණ නැගෙනහිරින් පිහිටි චැතම් දූපතේ ස්වදේශික මොරියෝරි හා මාඕරි ප්‍රජාව ජීවත් වෙති.

බීබීසී ඇසුරිණි

085



අදහස් (0)

නවසීලන්ත චැතම් දූපත් වෙරළේ තල්මසුන් 100 ක් පමණ මියගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site