IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


නවසීලන්ත ක්‍රිකට් තරුව නිවී යයි

නවසීලන්තයේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක මාටින් ක්‍රෝ පිළිකා රෝගයෙන් මියගිය බව නවසීලන්තයේ හැරල්ඩ් පුවත්පත වාර්තා කරයි. ඕක්ලන්ඩ් හි පිහිටි සිය නිවසේ දී මියයන විට ඔහු 53 වැනි වියේ පසුවූයේය.

ප්‍රතිශක්තීකරණ පද්ධතියේ හටගත් පිළිකාවකින් ඔහු කළක සිට පීඩා විදිමින් සිටියේය. 2012 දී මුල් වතාවට මේ රෝගී තත්ත්වය සොයා ගැනීමෙන් පසු ප්‍රතිකාර කර පිළිකා සෛල සියල්ල ඉවත්ව ඇතැයි වෛද්‍යවරු කීව ද 2014 වර්ෂයේ දි යළි රෝගය මතුව ඇත.

ටෙස්ට් තරඟ 77 දී ලකුණු 5444 ක් ලබා ගත් ඔහු ශතක 17ක් වාර්තා කළ අතර ඔහුගේ ඉනිමක සාමාන්‍ය 45.36කි. වෙලින්ටන් හි දී 1991 දී ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගත් ලකුණු 299 ඔහුගේ ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමෙන් පසු රූපවාහිනී විස්තර විචාරකයකු හා ලේඛකයකු ලෙස කටයුතු කළ මාටින් ක්‍රෝ තමන් ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමෙන් පසු ආරම්භ වූ 20-20 තරඟ දියුණු කිරීමට ද බෙහෙවින් දායක වූයේය.



අදහස් (0)

නවසීලන්ත ක්‍රිකට් තරුව නිවී යයි

සංජීව Thursday, 03 March 2016 10:14 AM

ලංකාවේ හොද මිත්‍රයෙක්.. මට මතකයි එක වතාවක් ඔහු තරඟයේ වීරයා වුණා. ඔහුගේ හිස්වැස්ම දුන්නා.. ඔබට මොක් සුව පතමි .. (ම)

:       0       0

අචිර Friday, 04 March 2016 07:06 AM

ඔබ මහත්මා ගුණ ඇති අයෙකි (නි)

:       0       0

තිස්ස Thursday, 03 March 2016 04:53 AM

මෙවන් දුකක් සසරමග නොවේවා....මගේ ගෞරවය ඔබට...!!! (බ)

:       0       0

සුකිරි Thursday, 03 March 2016 05:19 AM

විශ්ෂ්ට මහත්මා ක්‍රීඩකයෙක්. නිවන් සුව ලැබේවා. අතිවිශිෂ්ට හොලිවුඩ් නළු රසල් ක්‍රෝ මොහුගේ මස්සිනා කියල අන්තර්ජාලේ තියනවා...(ම)

:       0       0

රුපාවති Thursday, 03 March 2016 06:56 AM

මුළු ශ්‍රී ලාංකිකයින්ම වෙනුවෙන් අපේ හදවතේ රැදී ක්‍රීඩකයාණනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමු ....!!!! (ම)

:       0       0

අමිල Thursday, 03 March 2016 01:21 PM

ඔබට සුව බර නින්දක්.(හේ)

:       0       0

චන්දික Thursday, 03 March 2016 08:15 AM

හදවතේ මත සටහන් ගොඩක් ඉතුරු කල මහත්මා ගුණයෙන් හෙබි ඔබට නිවන් සුව ලැබේවා.! (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2267 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1702 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site