නවසීලන්ත ජාතික කොඩිය වෙනස් කිරීමට එරට රජය ගත් උත්සාහය ඒ සදහා පැවති ජනමත විචාරණයකදී නිරර්ථක වූ බවට විදෙස් මාධ්‍ය සදහන් කරයි.නව ධජයට පක්ෂව 44%ක් ඡන්ද ලැබුණු අතර විරුද්ධව ඡන්ද 56%ක් ලැබිණ.එම නව ධජය සදහා දස දහසක් පමණ නිර්මාණ කර ඇති අතර ඒ සදහා විශාල මුදලක් මෙන්ම ශ්‍රමයක්ද වැය වී තිබේ.නමුත් අවසානයේ දී එම උත්සාහයන් සියල්ල ව්‍යර්ථ කරමින් ඒ සදහා දෙවැනි වරටත් පවතී ජනමත විවරණයේදී එම නව ධජය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.එරට අගමැති ජෝන් කී නව ධජයට පක්ෂව සිටි නමුත් ඔහු ජනමතයට ගරු කරමින් පැරණි ධජයම ගන්නා බවට සදහන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යටත් විජිත මානසිකත්වය තාමත් ඉවර වෙලා නෑ. (බ)
මොහාන්, යටත් විජිත මානසිකත්වයක් නෙවි මෙතන තියෙන්නේ, නවසීලන්තේ මොලය තියෙන බහුතරය දන්නවා අද නවසීලන්තේ දියුණු තත්වෙක තියෙන්නේ බ්‍රිතාන්‍ය ජාතිකයන් නවසීලන්තේ ඇවිත් රට දියුණු කරපු නිසා. අදත් නවසීලන්තේ පාලනය වන්නේ බ්‍රිතාන්‍ය සම්භාවයක් තිබෙන සුදු ජාතිකයන් බහුතරයක් නිසා. බ්‍රිතාන්‍ය ජාතිකයන් නවසීලන්තෙට ඇවිත් නොසිටියා නම් අද නවසීලන්තේ ලංකාවටත් වඩා අන්ත තත්වෙක බව වටහා ගන්න. (බ)
කොඩියක් නැති කට්ටියක් අපේ කොඩියේ සිංහයා ඉවත් කොරන්න යෝජනා කෙරුවනේ, (බ)
අහ අහා ඉන්නේ නැතුව ඕක වෙනස් කළා නම් ඉවරනේ... ලංකාවෙන් ආදර්ශ ගන්න පුළුවන්, අපේ රටේ රටෙන් භාගයක් උනත් ලියල දෙනවා , රටේ මිනිස්සු පස්සේ දැන ගන්නවා, පස්සේ මිනිස්සු වෙනසට කැමති වෙලා ගොඩාක් සතුටින් ජීවත් වෙනවා...(බ)
ඩොලර් මිලියන ගානක් විනාශ කරනවට වඩා පරණ එකම හොඳයි කියන එක තමයි නවසීලන්ත ජාතිකයින්ගේ විශ්වාසය.කොඩියට අදාලව පාස්පෝර්ට් එකේ පටන් හැම එකම වෙනස් කරන්න වෙනවනේ.පුහු දේවල් වලට ඒ අය මුල් තැන දෙන්නේ නැහැ (බ)
වෙනස යනු හැමතනකටම අදාළ දෙයක් නොවන බවත්, එය අවශ්‍යතාව මත තීරණය වියයුතු දෙයක් බවත් නවසීලන්ත ජාතිකයන් තේරුම්ගෙන තිබීම වැදගත්. මෙයින් පෙනෙන්නේ පොදු අදහස පුද්ගලික දෙයට වඩා වටිනා බවයි. (නි)
නවසීලන්තය දියුණු මට්ටමක තියෙන්නේ පාලකයෝ මහජනයාට සවන්දීම මත. රට වෙනුවෙන් ඕනෙම වැදගත් තීරණයක් ගැනීමේදී මහජන අදහස් විමසීම නිසා අනවශ්‍ය ප්‍රශ්න ඇතිවීම වලකිනවා. (ස)