නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා ඒර්ඩන්, එරට එන්නත් මධ්‍යස්ථානයකට ගොස් 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයට එරෙහි 'ෆයිසර්' එන්නත ලබා ගත්තාය. නවසීලන්ත වැසියන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම සහ ජර්මනියේ 'බයෝඇන්ටෙක්' සමාගම නිපදවා ඇති 'ෆයිසර්' එන්නතය.
කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ආරම්භයේ පටන්, එය ඉතා හොඳින් පාලනය කර ගැනීමට සමත් වුණු රට නවසීලන්තයයි. මෙසේ පවසන්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානයයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය නවසීලන්ත රජයටත්, සෞඛ්‍ය අංශවලටත්, අගමැතිනී ජැසෙන්ඩා ඒර්ඩන්ටත් ප්‍රශංසා කර ඇත්තේ ද මේ නිසාය. ඕක්ලන්ඩ් නුවර මැනුරෙවා එන්නත් විදිමේ මධ්‍යස්ථානයට ගොස් එන්නත ලබා ගැනීමෙන් පසු ඇය සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් කෙටි සටහනක් ද පළ කළාය.
'අප පළමුවෙන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ප්‍රමුඛත්වය දී එන්නත ලබා දීම ආරම්භ කළා. ඉන්පසු ජනතාවට එන්නත් ලබා දීම ක්‍රමයෙන් ආරම්භ කළා. එසේ එන්නත් ලබා දීම සිදුවෙද්දී මමත් තීරණය කළා එන්නත ගන්න. මා එසේ කළේ ජනතාව දිරි ගැන්වීමක් ලෙසයි.' යැයි නවසීලන්ත අගමැතිනිය සමාජ මාධ්‍ය ඔස්සේ තැබූ සටහනේ සඳහන් වෙයි.
(රොයිටර්)
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
නවසීලන්ත අගමැතිනියට ’ෆයිසර්’ එන්නත