
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන් මහත්මිය එරට පැවති මහ මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබා තිබේ.
ආර්ඩ්න් මහත්මියගේ වාමාංශික කම්කරු පක්ෂය 49%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් ආසන 64ක් හිමිකරගත් අතර දක්ෂිණාංශික ජාතික පක්ෂයට ලබාගැනීමට හැකිවූයේ 26.8%ක ප්‍රතිශතයක් සමග ආසන 35ක් පමණකි. නවසීලන්ත පාර්ලිමේන්තුව ආසන 120කින් සමන්විතය.
මෙම ඡන්ද විමසීම පසුගිය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ නමුත් කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මාසයකට කල් තැබූ මැතිවරණය ඊයේ (17) පවත්වන ලදී.
ජයග්‍රහනයෙන් පසු සිය ආධාරකරුවන් අමතමින් ආර්ඩේන් මහත්මිය මෙසේ පැවසුවාය, "නවසීලන්තය වසර 50කට ආසන්න කාලයක් තුළ ලේබර් පක්ෂයට ලොකුම සහයෝගය පෙන්නුම් කර ඇත. අපි ඔබේ සහයෝගය සුළුකොට නොතකමු. සෑම නවසීලන්ත වැසියෙකුටම සමානව සලකන රජයක් බිහිකිරීමට අපි පොරොන්දු වෙමු."
මේවනවිට 40 හැවිරිදි වියේ පසුවන ජසින්ඩා මහත්මිය දේශපාලනය පිවිසියේ 17වන වියේදීය. ඒ කම්කරු පක්ෂයේ සාමාජිකාවක බවට පත්වෙමිනි. ඇය නවසීලන්තයේ තුන්වන කාන්තා අගමැතිනියයි. ඇයට පෙර ජෙනී ෂිප්ලේ (1997 - 1999) සහ හෙලන් ක්ලාක් (1999 - 2008) නවසීලන්තයේ අගමැති ධූර හොබවා තිබේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
712
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2379
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1745
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩේන්ගේ පක්ෂයට අති විශිෂ්ට ජයක්