
‘කොවිඩ් 19’ ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වූ බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ලබන අඟහරුවාදා (1) වනතුරු ස්වයං නිරෝධායනයට යොමු වුණු බව පැවැසෙයි.
අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් මෙසේ ස්වයං නිරෝධායනයට යොමු කෙරුණේ එරට දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් 103 ක් වාර්තා වෙද්දී යැයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කර තිබේ.
අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වුණු බවත් එම පරීක්ෂණයේ ප්‍රතිඵල තව පැය කීපයකින් ලැබීමට නියමිත බවත් නවසීලන්ත පුවත් සේවා වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd