IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


නවාස් ෂරීෆ් - දියණිය ඇප මත නිදහස්

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් සහ ඔහුගේ දියණිය ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය අද (19) නියෝග කළේය.

දූෂණ චෝදනාවලට වරදකරු කරමින් එරට අධිකරණයක් මීට පෙර හිටපු අගමැති නවාස් ෂරීෆ්, ඔහුගේ දියණිය සහ බෑණාට සිර දඬුවම් නියම කළේය.

එම සිර දඬුවම අත්හිටුවමින් අවසන් තීන්දුව දෙන තුරු හිටපු අගමැතිවරයා, ඔහුගේ දියණිය  මර්යාම් නවාස් සහ බෑණා කපිතාන් සෆ්දාර් ඇප මත නිදහස් කරන්නැයි ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කළ බව හිටපු අගමැති නවාස් ෂරීෆ්ගේ නීතිඥවරයා වන කවාජා හැරිස් පැවැසීය.

පකිස්තානු රුපියල් 500,000 (එක්සත් ජනපද ඩොලර් 4,024) ක් ගෙවීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කරන බව කවාජා හැරිස් කීය.

මෙම තීන්දුවට එරෙහිව පාකිස්තානයේ දූෂණ විරෝධී ඒකකය අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද පැවසේ.

නවාස් ෂරීෆ් බලයෙන් පහ කරන ලද්දේ ද අධිකරණ තීන්දුවකිනි. දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වර්ෂයේදී නවාස් ෂරීෆ් බලයෙන් පහ කළේය.

පසුගිය ජූලි මාසයේදී දූෂණ විරෝධී අධිකරණයක් හිටපු අගමැතිවරයාට එරෙහිව තිබූ චෝදනා විභාගයට ගනිමින් ඔහු එම චෝදනාවලට වරදකරු කළේය. දූෂණ චෝදනාවලට වරදකරු වූ නවාස් ෂරීෆ්ට වසර 10කට සහ වසර 7කට අත්හිටුවන ලද සිරදඬුවමක් නියම කළේය.

එම නඩු තීන්දුව ලබාදෙන අවස්ථාවේ හිටපු අග්‍රාමාත්‍යවරයා සිටියේ බ්‍රිතාන්‍යයේය. මහ මැතිවරණයට සහභාගී වීම සඳහා හිටපු අගමැතිවරයා එම මාසයේදීම පාකිස්තානයට පැමිණි අතර ගුවන් තොටුපොළේදී ඔහු සහ ඔහුගේ දියණිය අත්අඩංගුවට පත්වූහ. 

මේ අතර මේ මස මුලදී නවාස් ෂරීෆ්ගේ බිරිඳ කල්සූම් නවාස් අභාවප්‍රාප්ත වූවාය. ඒ, දීර්ඝ පිළිකා රෝගී තත්ත්වය උත්සන්න වීමෙනි.

ලන්ඩන් නුවර සිට කල්සූම්ගේ දේහය පාකිස්තානය බලා ගෙන එන ලද අතර, අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, නවාස් ෂරීෆ්ට, දියණියට සහ ඇගේ සැමියාට අවමංගල කටයුතු සඳහා සහභාගී වීමට පැය 12 ක විශේෂ සමාවක් ද ලැබුණි.

055

 

 

 



අදහස් (2)

නවාස් ෂරීෆ් - දියණිය ඇප මත නිදහස්

Ravi Thursday, 20 September 2018 04:28 AM

එතකොට පකිස්ථානයේ ගෙවන්නේ ඉන්දියන් රුපියල් වලින්ද?

:       0       20

upali Thursday, 20 September 2018 05:18 AM

පකිස්ථානය භාවිතා කෙරෙන්නේ ඉන්දියානු රුපියල්ද ?

:       40       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 760 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site