IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි

ඉස්ලාමාබාද්හිදීය (ඒ.එෆ්.පී)

දීර්ඝ කාලයක් පැවැති දූෂණ චෝදනාවලට වරදකරු කරමින් පාකිස්තාන අගමැති නවාස් ෂරීෆ් රාජ්‍ය තනතුරක් දැරීමට නුසුදුස්සකු යැයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (28) තීන්දු කළේය.

මතභේදාත්මක දේශපාලන දිවියකට හිමිකම් කියන නවාස් ෂරීෆ්ට ධුර කාලය අවසන් නොකරමින් අග්‍රාමත්‍ය ධුරයෙන් ඉවත් වීමට සිදු වූ තෙවැනි අවස්ථාව මෙයයි. 

“ඔහු පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීමට සුදුසු නැහැ. ඔහු අගමැතිධුරයෙන් ඉවත් විය යුතු” යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු ඉජාස් අෆ්සාල් ප්‍රකාශ කළේය.  තීන්දුව ප්‍රකාශට පත් කළ අවස්ථාවේදී විපක්ෂ කණ්ඩායම් වීදිවලට පැමිණ සටන් පාඨ කියමින් ජයඝෝෂා නැගූ බව ද වාර්තා විය. 

තීන්දුවෙන් පසු පකිස්තාන අගමැති නවාස් ෂරීෆ් එම තනතුරින් ඉල්ලා අස්වූ බව විදෙස් මාධ්‍ය මීට ටික වේලාවකට පෙර වාර්තා කළේය.

055

 



අදහස් (17)

නවාස් ෂරීෆ් අගමැතිකමට නුසුදුසු බව අධිකරණය තීන්දු කරයි

chooty Friday, 28 July 2017 09:03 AM

අපේ මහරජාණන්ටත් ඔහොම කරන්න බැරිද? ජනපති ඉඳලා මන්ත්‍රී වුණා. එතැනින් පස්සේ .....!!!

:       11640       5182

samanFriday, 28 July 2017 01:13 PM

චූටි ඡන්දෙකටත් කලින්ම බයවෙලා වගේ...

:       630       2259

රයන් Friday, 28 July 2017 09:28 AM

අනේ ඔහොම තීන්දුවක් අපේ රටෙත් දෙන්න බැරිද? එතකොටවත් මේ රට හැදෙන්න පටන් ගනියි හරියට.

:       1       148

ධම්ම Friday, 28 July 2017 09:39 AM

පකිස්තානෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ. එයාලා නීතිය නැමුවත් අපි නම් නීතිය නමන්නෙ නෑ.

:       29       111

නුමාFriday, 28 July 2017 10:25 PM

එයාලා නීතියට 'හිස' නමනවා, අපි 'නීතිය' නමනවා. ඕක තමා ශ්‍රී ලාංකික අපගේ අභිමානවත් වෙනස.

:       0       35

mahee Friday, 28 July 2017 09:51 AM

අපොයි දෙයියනේ, අපි හිතාගෙන හිටියේ අපේ අධිකරණවලට වගේ ස්වාධීනත්වයක් කිසිම රටක අධිකරණයකට නැහැ කියලනේ. දැන්නේ තේරෙන්නේ සාක්කිකාරයෙක් ගෙන්න ගන්නවත් අපේ අයට හැකියාවක් නැහැ කියන එකේ ඇත්ත..

:       0       104

sachith Friday, 28 July 2017 09:56 AM

අඩුම ගානේ ප්‍රාදේශීය සභාවක සභාපති ලෙසවත් නුසුදුස්සෙක් කරන්නේ නෑ... මොකද අපේ දේශපාලකයෝ පගා ගන්නේ නෑ...

:       0       84

ravi Friday, 28 July 2017 10:19 AM

Chooty ඔයාටත් හැදිලද ඒ උන . මහරජානෝ පෙන්නෙන්න බැරි. ෂෙරිෆ් ගේ මේ තුන්වෙනි පාර. රනිල් ගේත් තුන්වෙනි පාර. දැන් රවිට අවස්තාව තියනවා පෙන්වීමට අවංකකම.

:       363       1117

palitha Friday, 28 July 2017 12:45 PM

අනේ මෙහෙමත් ගැත්තෝ, තව ටිකක් එහෙයි කියන්න. මොනවා හරි ටිකක් රවි මහත්තයාගෙන් ගන්න පුළුවන්...

:       0       50

ජයන්ත මිලානෝ Friday, 28 July 2017 12:47 PM

අනේ අපොයි, මොන වැරදි තීන්දුවක්ද? අපේ රටේ නීති පද්ධතිය අනුගමනය කරන්න තිබුණා. හොරුන්, මංකොල්ලකරුවන්, දූෂකයන් ඔක්කොම ආරක්ෂා කරන එකම රට වෙලා. සුදෝසුදු රෙදි ඇඳගෙන දත් පෙන්නා ගෙන ඔය අපූරුවට ඉන්නේ...

:       0       9

sunil Friday, 28 July 2017 01:12 PM

එහෙම වෙන්නේ පාකිස්තානේ පාකිස්තානේ, ලංකාවේ එහෙම වෙන්නේ නැහැ, අපේ උදවිය ගෙදර යන්නේ නැහැ!!!

:       0       15

PITIGALA MILANO Friday, 28 July 2017 01:27 PM

අපේ රටේ හොරු රැළක් තවම නිදැල්ලේ ඉන්නවා. ඒ අයවත් යවමු ඇතුලට.

:       30       63

දී කේ කාරියකරවන Friday, 28 July 2017 03:09 PM

පකිස්ථානයේ පරම්පරාව පැවතෙන්නේ හොරෙකුගෙන් නොවන නිසා ඒ රටේ අධිකරණය දූෂකයාට විරුද්ධව තීරණය නොපැකිලව දුන්නා. නමුත් අපේ රටේ කතාව ඊට හාත්පසින්ම වෙනස්... ඉතිහාස කතාවේ හැටියට අපි පැවතෙන්නේ විජය කියන පුද්ගලයෙකුගෙන්.. එයාගේ පියාට මිනිහාව එපාම වෙලා යාලුවෝ ටිකත් එක්ක නැවක දාලා.. රටෙන් එළවලා දැම්මා. අන්තිමේදී ලංකාවට ඇවිල්ලා කුවේණියව රවටලා තමන්ගේම දරුවන්වත් එළවලා දමලා ඉන්දියාවෙන් ගැහැනුන් වගයක් ගෙනත් අායෙත් වතාවක් කසාද බැඳලා ..ඒ පරම්පරාවෙන් හැදුන අය තමයි අපි ... මම නොවෙයි මේ කියන්නේ.. ඉතිහාස කරුවා. ඉතින් ලංකාවේ ඉන්න අපි ඔක්කොම හොරු...උඩ ඉඳලා පහළටම ඉන්නේ හොරු..ලැජ්ජයි..නමුත් මොනවා කරන්නද? ලංකාව කියන නම වෙනස් කරලා චවුර දේශය කියලා නම වෙනස් කරමුද...?

:       10       313

sanathSaturday, 29 July 2017 03:39 AM

ඒ ඔහෙලගෙ පරම්පරාව වෙන්නැති.. අපේනම් කවුරුවත් ඔයවිදියට සිංහල ජාතිය පාච්චල් කරලා වැඩකරන්නෙත් නැහැ. හොරකම් කරන්නෙත් නැහැ. අනික විජය කුමාරයා දඹදිව මිනිස්සු 500ක් එක්ක එනකොට ලංකාව ජනාකීර්ණ රටක්... අඩුම ගානේ ජනගහනය ලක්ෂ 20ක් වත් ඉන්න ඇති. ඒ නිසා අපි විජයගෙන් පැවැත එන ජන වර්ගයක්ම නොවෙන බව පැහැදිලියි.

:       27       35

wije Friday, 28 July 2017 04:06 PM

ඔන්න ඕක තමයි අපේ රටයි, ලෝකේ අනෙත් රටවලුයි අතර වෙනස... අපේ සිංහල ජාතිය වඳවෙලාම යන්නේ ඔන්න ඔය නිසා තමයි.

:       0       12

බණ්ඩාර(කැකිරාව) Friday, 28 July 2017 06:11 PM

"'පාකිස්තානේ එහෙම වුනත් - අපේ රටේ එහම වෙන්නේ නැහැ , "'අපේ ඇමතිලා හොර කරන්නේ නැහැ ""

:       0       11

saman Saturday, 29 July 2017 04:46 AM

ලංකාවෙන් උපදෙස් ගත්තානම් බේරෙන්න තිබුන

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 251 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 742 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site