එංගලන්තයේ බර්ක්ෂයර්හි තේම්ස් නදිය හා කෘතිම ඇල මාර්ගයක් අතර ඇති දූපතක් වැනි ස්ථානයක වාසය කළ යාරොන් ලව්රි (58) සිය නිවස ගංවතුරින් බේරා ගැනීමට අපූරු ක්‍රමයක් උපයෝගි කැර ගත්තේය.
නිතර නිතර ගංවතුරෙන් යටවන තම නිවස අඩි හතරහමාරක් ඉහලට එසවීමට ඔහු සමත්විය. පසුගිය ජනවාරියේ සිදුවූ ගංවතුරෙන් මේ ප්‍රදේශය ජලයෙන් යටවීමත් සමග ඔහුගේ අසල්වැසියෝ නිවෙස් හැර දමා වෙනත් ස්ථානවල පදිංචි වූහ. දුරකථන උපදේශකවරයකු වූ ලව්රි එසේ පලා ගියේ නැත. පරිගණක ගතකරන ලද ඔසවන (ජැක්) ආධාරයෙන් ඔහු නිවස එසවීමට කටයුතු කළේය.
ලව්රි පැවසුවේ තම නිවස ටොන් 80ක් බර බවයි. ඔසවන 28ක් උපයෝගී කරගනිමින් පැයකට අඟල් තුන බැගින් නිවස එසවීමට පවුම් 70,000ක් (රුපියල් කෝටි එකහමාරක්) වැය වූ බව ඔහු කියයි.
නිවස එසවීමෙන් පසු යට ඉතිරි වූ හිස් අවකාශය සිමෙන්ති ගල් යොදා වසා දමා ඇත. දැන් එය නව නිවසක් සේ පෙනෙයි. ගංවතුරෙන් හානිවන බැවින් පවුම් මිලියනයක් (රුපියල් කෝටි 21ක්) පමණ වටිනාකමක් සහිතව තිබූ මේ නිවසේ දැන් වටිනාකම පවුම් මිලියන 1.5 ක් (රුපියල් කෝටි 31.5) දක්වා ඉහළ ගොස් ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මහා මුදලක් වියදම් කරන්නේ කොතරම් කාලයකටද?පොලිතින් වලින් ආවරණ හදාගත් අහිංසක දුප්පත් මිනිසුන් කොතරම් ජීවත්වෙන්න උත්සාහ කරනවද?කෝ ඒ අයට උපකාරයක්. (නි)
මොනතරම් විශිෂ්ට අදහසක්ද? (නි)
ඇත්තටම සාර්ථක උත්සාහයක්. එත් ඉතින් අපිට නම් ඔයතරම් සල්ලි කන්දරාවක් වියදම් කරනවා කියන එක හිතාගන්නත් බැහැ. (නි)
අපරාදේ! ඔච්චර මුදලක් ඕකට යටකළ එකේ අලුතෙන්ම නිවසක් ඔතනම හදාගන්න තිබුනනේ. (නි)