මියන්මාර හමුදා පාලකයන් විසින් අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සියට පත් කෙරුණු එරට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී, නායිපායිදේව් අගනුවර හමුදා බන්ධනාගාරයේ සිර මැදිරයකට මාරු කෙරුණු බව වාර්තා වේ.
නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලැබූවකු වන 77 හැවිරිදි සූ කී මියන්මාර අධිකරණය හමුවේ අපරාධ චෝදනා රැසකට වරදකාරිය වී සිටින්නීය. තවත් චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග පැවැත්වීමට ද නියමිතය. එම චෝදනා සියල්ලටම වරදකාරිය වුවහොත්, සූ කී ට වසර 150 කට වඩා වැඩි සිරදඩුවමක් හිමිවනු ඇත.
එසේ අපරාධ චෝදනාවලට වරදකරුවකු වූ තැනැත්තකු නිවාස අඩස්සියේ රඳවා තැබීම කළ නොහැකි බැවින්, ඇය බන්ධනාගාරයට යොමු කළේ යැයි මියන්මාර හමුදා රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නිවාස අඩස්සියේ සිටි සූ කී බන්ධනාගාරයට