IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


’නිවාර්’ දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දකුණු ඉන්දියාවට

"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ.

ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25) මධ්‍යම රාත්‍රිය පසුවී සුළු වේලාවකින් ඉන්දියාවේ ගිණිකොණ දිග වෙරළට "නිවාර්" කඩා වදිනු ඇතැයි කාළකුණ අංශ අනතුරු අඟවා තිබේ.

ඔවුන් පවසන්නේ මෙම සුළි කුණාටුවෙන් පැයට කිලෝමීටර් 145ක පමණ වේගයෙන් සුළං හමනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වර්ෂාව හේතුවෙන් මේ වන විටත් අගනුවර වන චෙන්නායිහි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ගස් කඩා වැටීම් ද වාර්තාවී තිබේ.

දහස් සංඛ්‍යාත ජනතාවකට සුරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දී තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගෘහස්ථව සිටින ලෙස උපදෙස් දී ඇත. බස්, දුම්රිය හා ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ.

 



(බීබීසී ඇසුරිනි)

085



අදහස් (0)

’නිවාර්’ දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් දකුණු ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site