
"නිවාර්" සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ දකුණු දිග තමිල්නාඩු ප්‍රාන්තයට දැඩි වර්ෂාවක් පතිත වන බව වාර්තා වේ.
ඉතා දරුණු සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් අද (25) මධ්‍යම රාත්‍රිය පසුවී සුළු වේලාවකින් ඉන්දියාවේ ගිණිකොණ දිග වෙරළට "නිවාර්" කඩා වදිනු ඇතැයි කාළකුණ අංශ අනතුරු අඟවා තිබේ.
ඔවුන් පවසන්නේ මෙම සුළි කුණාටුවෙන් පැයට කිලෝමීටර් 145ක පමණ වේගයෙන් සුළං හමනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
වර්ෂාව හේතුවෙන් මේ වන විටත් අගනුවර වන චෙන්නායිහි ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ගස් කඩා වැටීම් ද වාර්තාවී තිබේ.
දහස් සංඛ්‍යාත ජනතාවකට සුරක්ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස දැනුම් දී තිබේ.
ආපදා තත්ත්වය හේතුවෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ රජයේ නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ගෘහස්ථව සිටින ලෙස උපදෙස් දී ඇත. බස්, දුම්රිය හා ගුවන් ගමන් ද අත්හිටුවා තිබේ.

(බීබීසී ඇසුරිනි)
085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd