ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ පිහිටි ට්‍රම්ප් ගොඩනැගිල්ලේ හටගත් ගින්නකින් එක් පුද්ගලයෙක් මියගොස් ගිනි නිවන භටයන් හතරදෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගොස් ඇත්තේ එම ගොඩනැගිල්ලේ නිවාසයක වාසය කළ කාන්තාවක් බවත් ඇය රෝහල් ගත කිරීමෙන් පසු මියගිය බවත් බලධාරීහු පවසති.
ගොඩනැගිල්ලේ පනස්වැනි මහලේ ගින්න හටගෙන ඇති අතර එහි නිවාස සහ කාර්යාල පිහිටා ඇත.
ගින්නට හේතුව තවම අණාවරනය වී නෙමැති බව පොලිසිය පවසයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් නිවසක් සහ කාර්යාලයක් මෙම ගොඩනැගිල්ලේ තිබෙන නමුත් ඔවුන් එහි වාසය නොකරන බව පැවසේ.
(බීබිසි ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd