අමෙරිකාවේ නිව්යෝක් නුවර ලගුවාඩියා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (5) උදෑසන 11 ට පමණ ඇත්ලන්ටා නුවර සිට මගීන් 127 දෙනකු පමණ රැගෙන පැමිණ ඩෙල්ටා සමාගමට අයත් අංක 1086 දරණ ගුවන් යානය අනතුරට පත් විය.

අනතුරට හේතු වූයේ පෙර දිනයේ සිට ඇද හැලෙන අධික හිම පතනයය. අඟල් 7-8 ක් පමණ උසින් හිම වැටී තිබිණි.

යානය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවිය. මගියෙක් පමණක් තුවාල ලැබීය.

web