ශ්‍රී ලාංකික සම්භවයකින් යුත්  කාන්තාවක ඇතුලු කාන්තාවන් සිව්  දෙනකුට පහර දුන්නේ යැයි  කියන සිද්ධියක් සම්බන්ධෙයන්  තමන්ට එරෙහිව  පරීක්ෂණ පැවැත්වීම නිසා ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි නීතිපති ජනරාල් එරික් ෂ්නයිඩර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි  '' ද නිව්යෝක් '' සඟරාව වාර්තා කරයි.


පහරකෑමට ලක්වූ කාන්තාවන් සිව්දෙනා අතර ඔහුගේ පෙම්වතියන් දෙදෙනෙකු ද වන බව සඳහන්ය.මෙලෙස  පහර කෑමට ලක්වූ කාන්තාවන් ගෙන් ලාංකික සම්භවෙයන් යුතු ටාන්යා සෙල්වරත්නම් නැමැත්තියක වේ. ඇය ඇමෙරිකාවේ  හාවඩ් විශ්වවිද්‍යාලෙය් උපාධිධාරිනියක වේ.


නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසා ඇත්තේ තමාට එරෙහිව එල්ල වී ඇති චෝදනා තම වෘත්තීය සමඟ සම්බන්ධ නොවුණ ද ඊට අදාළ විමර්ශන කටයුතු සිදුකෙරෙන තුරු තමා ධුරයෙන් ඉවත් වන බව යි. 

(125)