
ඇමෙරිකාවේ නිව්යෝක් නුවර, සමලිංගික තරුණ තරුණියන්ගේ පෙළපාළියක් පැවැත්වෙද්දී, කලබලයක් හටගෙන තෙරපීමක් සිදුවිය.
කලබලය හටගත්තේ ගිනි කෙළි පිපිරීම් හඩක් වෙඩි තැබීමක් ලෙස වරදවා වටහා ගැනීමෙනි.
පෙළපාළිය පැවැත්වූයේ වොෂිංටන් චතුරස්‍රය සහ ඒ අවටය. සිය ගණනක් දෙනා මෙම පෙළපාළියට එක් වී සිටි බවත්, තෙරපීමෙන් තුවාල ලැබූවන් කඩිනමින් රෝහල්ගත කළ බවත් පැවැසෙයි.
රෝහල්ගත කළ කිසිවකුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අය හින්දාද මේ තෙරපීම සිද්ධ වෙලා තියෙන්නේ...?