නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයට අනුබද්ධ ලොන් අයිලන්ඩ් විහාරයේ කඨින පිංකම ඔක්තෝබර් 4 වැනි ඉරිදා උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
නිව්යෝක් බෞද්ධ විහාරස්ථානයේ නායක කුරුණෑගොඩ පියතිස්ස හිමියන්ගේ අනුශාසනා පරිදි ලොන් අයිලන්ඩ් විහාරාධිපති කොට්ටාවේ නන්ද හිමියන් හා ඇත්කඳවල සද්ධාජීව හිමියන්ගේ මූලිකත්වයෙන් නිව්යෝක්හි පදිංචි ක්ලින්ටන් ප්‍රනාන්දු, ශ්‍රීමාලි ප්‍රනාන්දු, මයිකල් පෙරේරා හා මොනිකා පෙරේරා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධාන දායකත්වයෙන් කඨින පිංකම සිදුකෙරිණි.
පිංකමේ ප්‍රධාන දායකයෝ කතෝලික බැතිමතුන් වීම ද විශේෂත්වයකි. කඨින පිංකම පැවැති දිනයේදී ඇමරිකා ජාතිකයන් දෙදෙනකු බෞද්ධාගම වැළඳගැනීමද එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු බොහොම වටිනවා (බ)
එසේම නිව්ජර්සි බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ඔක්තෝබර් 10 වැනි සෙනසුරාදා උත්සවශ්‍රීයෙන් පැවැත්වෙන බවත් පවසනු කැමැත්තෙමි (නි)
විදෙස් රට වල මේ පිංකම් කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි ! (බ)
ඉතාමත් වටින ක්‍රියාවක්, නමුත් අපේ කාන්තාවන්ට වැදගත් රටක ඉදලත් පිළිවලකට කොණ්ඩය සකසාගෙන ආගමික වතාවකට සහබාගි වන්න තවම දන්නේ නැහැ. (බ)
සමන් පෙරේරා මොනවා කියනවද මන්දා? නොදන්නාදේට බොරුවට ලියන්න එපා.මමත් එතනට සහභාගි වුණ කෙනෙක් හැටියට වගකීමෙන් කියන්නේ කාලෙකින් විශාල පිරිසක් සහභාගි වුණ පින්කමක් වගේම සියල්ලන්ම උචිත විදියට පින්කමට දායක වුණ වග (නි)
බුද්ධ ශාසනය දියුණුව උදෙසා නන්ද හිමියනි, ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සාදු සාදු සාදු (බ)