ඇමෙරිකාවේ නිව්යෝක් ටයිම්ස් වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එයින් මුළු වෙබ් අඩවියටම හානි සිදු වී නැති අතර වාර්තාකරුවන්ට එයින් බලපෑම් එල්ල වී තිබේ.

එම ප්‍රහාරය පිටිපස රුසියාවේ බුද්ධි අංශ ඇතැයි ඇමෙරිකා  බලධාරීහු විශ්වාස කරති.   මෑතකදී ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ වෙබ් අඩවි වලට සයිබර් ප්‍රහාර එල්ල කරනු ලැබූ පිරිස විසින්ම මෙම ප්‍රහාරයත් එල්ල කරන්නට ඇතැයි ඔවුහු සැක පල කරති.

ජුනි මාසයේදී එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජාතික කමිටුවේ පරිඝනක තුලට අනවසරයෙන් ඇතුළු වී ඊ-මේල් පද්ධතිය අනවසරයෙන් භාවිත කර තිබිණි. ඇමෙරිකා බලධාරීන් මෙම ප්‍රහාරයේ වගකීම රුසියානු රාජ්‍ය අංශ මත පටවන අතර රුසියා  රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.මේ වන විට එෆ්.බි.අයි සහ තවත් ඇමෙරිකා  ආයතන මෙම සිදුවීම සමබන්ධයෙන් පරීක්ෂණ සිදු කරයි.