IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නිව්යෝක් කුලුනු දෙක ළඟ රෝස මල් යායක්

9/11 ප්‍රහාරය සිදුවී ඊයේට (11) වසර 13 කි.

අඳුරු මතකයන් යළි යළිත් සිහි කැදවීම අපොහොසත් වුවද ප්‍රහාරයෙන් මියගිය 3000 කට ආසන්න ඇමරිකා ජාතිකයින්ගේ මව්පියෝ,ඥාති හිතමිත්‍රාදීහු අලූතින් ඉදිකෙරෙමින් පවතින ලෝක වෙළද මධ්‍යස්ථානයේ කුලූනු ඉදිරිපස එක්රැස්ව සිටියහ.

ඔවුන්ගේ දරුවන්ගේ,ඥාතීන්ගේ,හිතමිතුරන්ගේ,සැමියන්ගේ,බිරින්දෑවරුන්ගේ නම් සඳහන්ව තිබූ යෝධ සමරු ඵලකය රෝස මල් වලින් සැරැසිණ.

ඇමරිකා ජනපති බරක් ඔබාමා විශේෂ දේශනයක් සිදුකළේය.තම ළබැඳියන් අහිමිවුවද ශක්තිමත්ව සිටින මේ රැස්ව සිටින සියලූදෙනා වෙත මුළු ඇමරිකාවේම ගෞරවය හිමිවන බව ඔහු කීය.

ඔවුන්ගේ ශක්තිය ඇමරිකාවේ ශක්තිය වන බව ඔහු පැවසුවේය.

රැස්ව සිටියෝ සිව්වරක නිහැඩියාව රැක්කහ.පළමු යානය ලෝක වෙළද මධ්‍යස්ථානයේ හැපීම,දෙවන යානය හැපීම,පළමු කුළුණ කඩා වැටීම,දෙවැනි කුළුණ කඩා වැටීම සිදුවූ වේලාවන් එහිදී සිහිපත් කෙරුණි.

මගී ගුවන් යානා 3 ක පාලනය අතට ගත් ත්‍රස්ත සාමාජිකයෝ පිරිසක් ඒවා මරාගෙන මැරෙන ප්‍රහාරයකට යොදවමින් මහා විනාශයක් සිදුකළේ 2011 වසරේ සැප්තැම්බර මස 11 වැනිදාය.

මුලින්ම එක් ගුවන්යානයක් ලෝක වෙළද මධ්‍යස්ථානයේ එක් කුළුණකට කඩා වැදී පුපුරා විනාශව ගිය අතර මොහොතක් ගතවූ තැන දෙවන යානය ලෝක වෙළද මධ්‍යස්ථානයේ දෙවන කුළුනට කඩා වැදුණි.

තවත් යානයක් පෙන්ටගනයට කඩා වැදී විනාශ විය.

සිව්වැනි යානය වොෂින්ග්ටන් නගරය වෙත ගෙන යමින් සිටියදී එහි මගීන් ත්‍රස්තයින් වෙතින් යානයේ පාලනය ලබා ගැනීමට කළ උත්සාහයේදී අතරමග කඩා වැටී විනාශ විය.

ප්‍රහාර වලින් ගුවන්යානා 4 හිම සිටි මගීන් 227 දෙනා හා ත්‍රස්තයින් 19 දෙනාද ඇතුලූව මියගිය මුලූ පුද්ගලයින් ගණන 3000 කි.

ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු දෙක සම්පූර්ණයෙන්ම පාහේ විනාශව ගිය අතර පෙන්ටගනයේ බටහිර කොටසට අලාභ හානි සිදුවිය.

වර්තමානයේ ලෝක වෙළද මධ්‍යස්ථාන කුළුනු වල යළි ඉදිකිරීම් අවසාන අදියරේ පවතී.

1410444407742_wps_9_President_Barack_Obama_fl 1410444889000_wps_18_US_President_Barack_Obama 1410445746851_wps_24_epa04395616_Maria_Cioccon 1410445857554_wps_26_epa04395606_A_woman_place 1410458302428_wps_14_Former_New_York_Gov_Georg 1410474332112_wps_7_A_view_shows_a_portion_of



අදහස් (0)

නිව්යෝක් කුලුනු දෙක ළඟ රෝස මල් යායක්

අම්පා Friday, 12 September 2014 02:53 PM

ඇමරිකාවටත් භීතිය දැනුනු දිනයක සැමරුම් (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Friday, 12 September 2014 06:43 AM

ත්‍රස්තවාදය තුරන් කරන බවට ලෝකය ඉදිරියේ කතා මවන බරක් ඔබාමා ලෝකයේ ඇතැම් ත්‍රස්තවාදී කණ්ඩායම් වලට උදව් උපකාර කරන බව ලෝකයම දනී. රෝසමල් යාය වපුරවන්න තිබුනේ ධවල මන්දිරය අවටයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site